Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 19 න් පහළ අන්තර් පාසල් තරග නව ක‍්‍රමයකට

19 න් පහළ අන්තර් පාසල් තරග නව ක‍්‍රමයකට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ආකාරය මේ වසරේ සිට වෙනස් කර තිබේ. එහි පළමු කොටසේ තරග වදින කණ්ඩායම් 36 ක් එකකට කණ්ඩායම් 9 ක් බැගින් වන කාණ්ඩ හතරක් යටතේ තරග කරති.

සෑම කණ්ඩායමක්ම පළමු වටයේදී තරග 8 කට සහභාගිවියයුතු අතර සෑම කාණ්ඩයකම වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර බැගින් කණ්ඩායම් 16 ක් දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත. එහෙත් සාම්ප‍්‍රදායික තරග වලට සහභාගි වීමට කැමති පාසල් වලට ඒ සඳහා අවස්ථාව තිබෙන නමුත්
 මෙවර එක පාලසකට තරගාවලියේ තරග 8 ට අමතරව තවත් තරග 5 කට සහභාගි විය හැකි අතර එම තරග 13  පමණක් ක‍්‍රීඩක දස්කම් ගණනයට යොදා ගන්නා බව පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි.

දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටු දැකිමේ ක‍්‍රමයට තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය තුන්දින තරග ලෙස පැවැත්වේ.

මෙවර එක්දින තරගාවලිය සඳහා , කොටසෙන් කණ්ඩායම් 28 ක්, II වැනි කොටකින් කණ්ඩායම් 16 ක් සහ III වැනි කොටසෙන් කණ්ඩායම් 4 ක් බැගින් කණ්ඩායම් 48 ක් සුදුසුකම් ලබනු ඇත.

කොළඹ රාජකීය විදුහල සහ වත්තල ශාන්ත අනිතෝනි විදුහල මෙවර පළමු කොටසට උසස්වීම් ලබා සිටින අතර කොළඹ වෙස්ලි, බෙරැල්ල කේරී සහ බලපිටිය රේවත යන විදුහල් දෙවැනි කොටසට පහත වැටී තිබේ.

මහනුවර ත‍්‍රිත්ව විදුහල පසුගිය වසරේ ලීග් ශූරයන් බවට පත්වූ අතර තර්ස්ටන් විදුහලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ ආනන්ද විදුහල පිළිවෙළින් පසුගිය වසරේ සීමිත  ඕවර තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්විය.   


‘ඒ’ කාණ්ඩය:

මහනුවර ත‍්‍රිත්ව විදුහල, කොළඹ ආනන්ද විදුහල, කදාන ද මැසිනොද් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල, වත්තල ශාන්ත අනිතෝනි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල


‘බී’ කාණ්ඩය:

කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ රාජකීය විදුහල, කොළඹ මහානාම විදුහල, ගාල්ල මහින්ද විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, පානදුර රාජකීය විදුහල, මරදාන සහිරා විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල


‘සී’ කාණ්ඩය:

කොළඹ ලූම්බිණි විදුහල, අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, කැලණිය ගුරුකුල විදුහල, කළුතර සිරිකුරුස විදුහල, කොළඹ ඉසිපතන විදුහල, මොරටු මහ විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මාතර ශාන්ත ශර්වේශස්


‘ඩී’ කාණ්ඩය:

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, කොළඹ නාලන්දා විදුහල, රාජගිරිය ජනාධිපති විදුහල, ගාල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල 

 

- 048


අදහස් (0)

19 න් පහළ අන්තර් පාසල් තරග නව ක‍්‍රමයකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.