Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හෝල්ඩර් (103) කොදෙව් ගෞරවය රැකගනී

හෝල්ඩර් (103) කොදෙව් ගෞරවය රැකගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඇන්ගුවාහිදී පැවැති පළමු ටෙස්ට් තරගය විසදුමකින් තොරව අවසන් විය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ ඊයේ (17) තරගය අවසන් වන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 438 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව් පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 350 ක් රැස්කර සිටියේය.

කොදෙව් එක්දින පිලේ නායක ජේසන් හෝල්ඩර් අංක 8 පිතිකරු ලෙස පන්දු 149 ක් කඩුල්ල ආරක්‍ෂා කර ගනිමින් නොදැවී රැුස්කළ ලකුණු 103 නිසා එංගලන්ත ජයග‍්‍රහණය වැලකී ගියේය. එම ශතකයට හතරේ පහර 15 ක් ඇතුළත් විය. සිවුවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ 23 හැවිරිදි හෝල්ඩර්ගේ පළමු ටෙස්ට් ශතකය මෙය වන අතර හෝල්ඩර් තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.

හෝල්ඩර් සහ කෙමර් රෝච් (නොදැවී 15) අටවැනි කඩුල්ලට ලකුණු 105 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩ නැගූහ.
 

එංගලන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 399
(ඉයන් බෙල් 143, ජෝ රූට් 83, බෙන් ස්ටොකිස් 79, ක‍්‍රිස් ජොර්දන් නොදැවී 21, ජේම්ස් ඇන්ඩසන් 20, ජෙරමි ටේලර් 90/3, කීමර් රෝච් 94/4, ජේසන් හෝල්ඩර් 69/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 295
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 39, මාලන් සැමුවෙල්ස් 33, ශිවනරින් චන්ද්‍රපෝල් 46, ජෙරමි බ්ලැක්වුඞ් නොදැවි 112, ජේම්ස් ඇන්ඩසන් 67/2, ස්ටුවට් බ්‍රෝඞ් 67/2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 47/4)

එංගලන්ත පිල දෙවැනි ඉනිම - කඩුලූ 7 ට 333
(ගැරී බැලන්ස් 122, ජෝ රූට් 59, බෙන් ස්ටොකිස් 35, ජෝස් බට්ලර් නොදැවී 59, ජෙරමි ටේලර් 42/2, සුලෙයිමන් බෙන් 115/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලූ 7 ට 350
(ඩෙවොන් ස්මිත් 65, ඩැරන් බ‍්‍රාවෝ 32, මාලන් සැමුවෙල්ස් 23, ජර්මේන් බ්ලැක්වුඞ් 31, ඩිනේෂ් රැම්ඩින් 57, ජේසන් හෝල්ඩර් නොදැවී 103, කෙමර් රෝච් නොදැවී 15, ජේම්ස් ඇන්ඩසන් 72/2, ජෝ රූට් 22/2)


- 048 


අදහස් (0)

හෝල්ඩර් (103) කොදෙව් ගෞරවය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.