Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සිංගර් කුසලාන II කොටසට පාසල් 31 ක්

සිංගර් කුසලාන II කොටසට පාසල් 31 ක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ II කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වැදීම සඳහා පාසල් 31 ක් සුදුසුකම් ලබා සිටිති. එහිදී ‘ඒ’, ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වලට පාසල් 8 බැගින් ඇතුළත්ව සිටින අතර ‘ඞී’ කාණ්ඩයට පාසල් 7 ක් ඇතුළත්ව තිබේ.

පළමු වටයේදී එක් එක් කාණ්ඩ වලින් වැඩිම ජයග‍්‍රහණ අත්කරගන්නා කණ්ඩායම් 4 බැගින් දෙවැනි වටයට තෝරාගනු ලබන අතර පෙර අර්ධ අවසන් පූර්ව (16 දෙනාගේ) වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට තරග පැවැත්වේ.

ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලියේදී II කාණ්ඩයේ ශූරයින් සහ අනු ශූරයන් බවට පත්වූ කොළඹ රාජකීය විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි මේ වසරේදී I කාණ්ඩයෙන් තරග වදින අතර කොළඹ වෙස්ලි, බලපිටිය රේවත සහ කොළඹ කේරි යන විදුහල්, I කාණ්ඩයේ සිට II කාණ්ඩය දක්වා ඇදවැටී සිටිති.

එම වසරේදී III කාණ්ඩයේ ශූරතාව දිනාගත් පාදුක්ක සිරි පියරතන විදුහලද, අනු ශූරතාව හිමිකරගත් යාපනය ශාන්ත ජෝන් විදුහලද මෙවර තරගාවලියේදී II කාණ්ඩයෙන් තරග වැදීම සඳහා උසස්කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරයි.


‘ඒ’ කාණ්ඩය -
කොළඹ කේරි විදුහල, යාපනය ශාන්ත ජෝන් විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, දෙබරවැව ජාතික පාසල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල


‘බී’ කාණ්ඩය -
බලපිටිය රේවත විදුහල, පාදුක්ක සිරි පියරතන විදුහල, කළුතර විද්‍යාලය, මාරවිල ශාන්ත ෂේවියර් විදුහල, දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහල, මාතලේ ශාන්ත තෝමස් විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ කටුගස්තොට ශාන්ත ආනා විදුහල


‘සී’ කාණ්ඩය -
කොළඹ වෙස්ලි විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, කොළඹ අශෝක විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, කෑගලූ විද්‍යාලය, කළුතර තිස්ස විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල


‘ඞී’ කාණ්ඩය -
පානදුර ශාන්ත ජෝන් විදුහල, හොරණ තක්ෂිලා විදුහල, අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල, මාතර රාහුල විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල


අදහස් (0)

සිංගර් කුසලාන II කොටසට පාසල් 31 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.