Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සුනිල සංග්‍රාමය ජයපැරදුමෙන් තොරයි

සුනිල සංග්‍රාමය ජයපැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පිල සහ ශ්‍රී දේවානන්ද විදුහල් පිල අතර  මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති 50 වැනි සුනිල සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අද ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

දිනය නිමාවිට ඕවර 4කදි ලකුණු 79ක ළඟාවිය නොහැකි ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී දේවානන්ද විදුහල් පිල කඩුලු 3ක් දැවී ලකුණු 2ක් ලබා සිටියේය.

තරගයේ අවසන් දිනය වූ අද (21) පස්වරු තේ පානයෙන් පසුව කඩුලු 7ක් දැවී ලකුණු 94ක් ලබා සිටි ධර්මාශෝක විදුහල් පිල ඉනිම අත්හිටුවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී දේවානන්ද විදුහල් පිලේ නායක උදාර මෙන්ඩිස්ගේ ඇරියුමෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ධර්මාශෝක විදුහල් පිල ලකුණු 159ක් රැස් කළ අතර අද දිවා ආහාරයට තරගය නවත්වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දේවානන්ද විදුහල් පිල සියලුදෙනා දැවී ලකුණු 175ක් රැස් කරමින් ධර්මාශෝක විදුහලේ පළමු ඉනිමට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් සිටියේය.

පළමු දිනය වූ ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 96ක් ලබා සිටි දේවානන්ද ඉනිම වර්ණවත් කළ කවිඳු සොහාන් අද උදෑසන කාලය පුරා ධර්මාශෝක විදුහල් පිලේ පන්දු යවන්නන් පීඩාවට පත් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ අතර ඉනිම නිමාවට පත්වෙද්දී නොදැවුණු පිතිකරුවා ලෙස ආපසු ක්‍රීඩාගාරයට ගියේ ස්වර්ණමය ශතකයට ලකුණු 17ක් අඩුවී තිබියදීය.  අගනා පන්දු යැවීමක නිරතවූ ධර්මාශෝකයේ ලසිත් කුමාර කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්විය.

කෙසේවෙතත් වේලාසනින්ම දේවානන්ද විදුහල් පිලේ ඉනිම නිමා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ධර්මාශෝකයේ පන්දු යවන්නන් ඇද බැඳ තබාගත් හෙතෙම සිය කණ්ඩායමේ අගපෙළ පිතිකරුවන් සමග එක්වී තවත් ලකුණු 79ක් ඉනිමට එකතු කිරීම කැපී පෙනුණි.

දිවා ආහාරයෙන් පසුව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ධර්මාශෝක විදුහල් පිලේ ඉනිමෙන් කඩුලු 4ක් උදුරා ගැනීමට දේවානන්දයේ චතුර මිලාන් සමත්වීම කැපී පෙනුණි.

ධර්මාශෝක පළමු ඉනිම - ඕවර 56.2කදී සියලු දෙනා දැවී ලකුණු 159
(කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස් 21, චතුර මිලාන් 37/2, සජින සංකල්ප 23/3, ඉමේෂ් මධුසංඛ 19/2)

ශ්‍රී දේවානන්ද පළමු ඉනිම - ඕවර 72.3කදී සියලුදෙනා දැවී ලකුණු 175
(කවිඳු සොහාන් නොදැවී 83, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 5/21, කුෂාන් නිමන්ත 47/2, දිනුක දිශාන් 30/2)

ධර්මාශෝක දෙවැනි ඉනිම - ඕවර 55කදි කඩුලු 7ක් දැවී ලකුණු 94
(කසුන් මධුරංග 28, චතුර මිලාන් 35/4)

දේවානන්ද දෙවැනි ඉනිම - ඕවර 4කදි කඩුලු 3ක් දැවී ලකුණු 2

 

- 077

(ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර)


අදහස් (0)

සුනිල සංග්‍රාමය ජයපැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.