නවසීලන්ත සංචාරය අසාර්ථක වූ නමුත් ලෝක කුසලාන තරගාවලියේදී මේ වන විට සෙසු කණ්ඩායම් වල අවධානයට ලක්ව සිටින ශී‍්‍ර ලංකා පිල මේ සති අන්තයේදී සත්කාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව තරග වැදීම සඳහා සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට පිවිසෙයි.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යනු ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේත් අමරණීය මතක රඳවාගත් තරග බිමකි. පළමු පෙළ පිතිකරුවකුගේ හොඳම ඉනිම ලෙසින් වසර ගණනාවක් පුරා ලෝක වාර්තාවක්ව පැවැති ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් නොදැවී ලකුණු 452 ක් ලබාගත්තේද 1929-30 තරගවාරයේදී ක්වීන්ස්ලන්ත පිලට එරෙහිව නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් මෙම කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කරමිනි.
මුල් කාලයේදී පිතිකරුවන්ගේ පරාදීසයක් ලෙස පැවැති සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය 70 දශකයෙන් පසුව ද`ග පන්දු යවන්නන්ගේ කෙළිමඬලක් විය.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රතාපවත් කී‍්‍රඩාංගණ අතුරින් එකක් වන සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය කීර්තිය අතින් දෙවැනි වන්නේ නම් ඒ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට පමණි. එහෙත් කි‍්‍රකට් මතක සටහන් සහ ඓතිහාසික වටිනාකම් මෙන්ම සම්ප‍්‍රදායන් අනුව නම් එහි දෙවැනි බවක් නොපෙනේ.
සිඞ්නි නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 4 ක් පමණ දුරකින් පිහිටි සිඩිනි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව සඳහා පමණක් නොව ඕස්ටේ‍්‍රලියානු පාපන්දු, රග්බි, පාපන්දු, බේස්බෝල්, පාපැදි ඇතුළු තවත් කී‍්‍රඩා කිහිපයක් සඳහාම ප‍්‍රයෝජනයට ගැනෙන්නකි. එහෙත් එය වඩාත් ප‍්‍රසිද්ධව ඇත්තේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යන අරුත දෙන එස්. සී. ජී. යන කෙටි නමිනි.
මේ වන විට සිඞ්නි පිටියේ ප‍්‍රධාන අයිතිකරුවන් වන්නේ ඕස්ටේ‍්‍රලියානු රග්බි පාපන්දු කණ්ඩායමක් වන සිඞ්නි ස්වෝන්ස් කණ්ඩායමත්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ බිග් බෑෂ් තරගාවලියට සහභාගි වන සිඞ්නි සික්සර්ස් කණ්ඩායමයි. කී‍්‍රඩාංගණයේ වත්මන් පාලනය බාරව සිටින්නේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණ භාරකාර මණ්ඩලය සහ නිව්සවුත් වේල්ස් කි‍්‍රකට් සංගමයයි.
එකල ගැරිසන් කී‍්‍රඩාංගණය යනුවෙන් හැඳින්වුණ, වසර 167 ක සාඩම්බර ඉතිහාසයක් හිමි, සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සිය පළමු ටෙස්ට් තරගයට සත්කාරකත්වය දරන්නේ 1882 දී ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීය. ලෝක ටෙස්ට් ඉතිහාසයේ හයවැනි ටෙස්ට් තරගය වූ මෙම ටෙස්ට් තරගය නියමිත දින සීමාවකින් තොරව ඇරඹුණ නමුත් එම තරගය දින 4 කින් නිමා වූයේ තුන්වැනි දිනය විවේක දිනයක්ව තිබියදීය. එහෙත් සිවුවැනි දිනයේදී ඕස්ටේ‍්‍රලියානු පිලට කඩුලූ 5 ක ජයක් හිමිවිය.
එදා මෙදා තුර ටෙස්ට් තරග 103 කට සහ එක්දින අන්තර්ජාතික තරග 147 කට තරග භූමිය වූ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය මේ වනවිට නරඹන්නන් 48,000 කට ආසන සහිතව, ලෝකයේ අති නවීනතම පහසුකම් වලින් සන්නද්ධ කී‍්‍රඩාංගණයකි. එහි නමනම අංග වන්නේ නෝබල් හා බ‍්‍රැඞ්මන් පේක්‍ෂකාගාර දෙකයි. එහි විශේෂත්වය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ඇති විශාලතම වීඩියෝ දර්ශන තිර වලින් එකක් සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සතුවීමයි.
කොයිතරම් විශේෂාංග එක්වූවත් ඓතිහාසික කාන්තා පේ‍්‍රක්‍ෂකාගාරය ආරක්‍ෂා කරගැනීමට සිඞ්නි කි‍්‍රකට් බලධාරීහු අමතක නොකළහ. කී‍්‍රඩාවලට පමණක් නොව, බිලී ජොයෙල්, එල්ටන් ජෝන්, මයිකල් ජැක්සන් සහ මැඩෝනා වැනි ලෝ ප‍්‍රකට කළාකරුවන්ට සංදර්ශන වේදිකාවක් ලෙසද සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යොදාගෙන තිබේ.
ලබන 8 වැනිදා ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරගය පමණක් නොව, ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අර්ධ අවසන් පූර්ව තරගයත් දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වීම සඳහා තෝරාගනු ලැබ ඇත්තේද සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයයි. ඒ එහි ඇති අද්වීතීය ඓතිහාසික වටිනාකම් සහ උසස් සම්ප‍්‍රදායන් හේතුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.