‘ස්පේස්සේවර්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගාවලියේ යෝක්ෂයර් ප්රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) නොදැවී ලකුණු 82 ක් රැස්කිරීමට සරේ ප්රාන්ත කණ්ඩායමට ක්රීඩා කරන කුමාර් සංගක්කාර සමත් විය.
ලීඞ්ස්හි හෙඩිංන්ලි ක්රීඩාංගණයේදී දිවා රාත්රී තරගයන් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්රාන්ත කණ්ඩායම පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 374 ක් ලබා සිටියේය.
පැය 3 කට ආසන්න වේලාවක් කඩුල්ලේ රැදී සිටි සංගක්කාර හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. ජේසන් රෝයි (87) සමඟ එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, බෙන් ෆෝක්ස් (23) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.
මෙම තරගයට සහභාගි වීමට පෙර මෙවර තරග වාරයේ තරග 5 කදී ඉනිම් 9 ක් තුළ ශතක 4 ක් සහ ද්විත්ව ශතයක් සමගින් ලකුණු 835 ක් රැස්කිරීමට සංගක්කාර සමත්ව සිටියේය. මෙවර තරග වාරයේදී පිට පිටම ශතක 5 ක් ලබාගැනීමටද සංගක්කාර සමත් වූ අතර ලැන්කෂයර් ප්රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 136 ද, වොවික්ෂයර් ප්රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 105 ද, මිඞ්ල්සෙක්ස් ප්රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 114 සහ 120 ද, එසෙක්ස් ප්රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 200 ද ඊට අන්තර්ගත විය.
එසෙක්ස් ප්රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සංගක්කාර (200) සමත් වුවද, දෙවැනි ඉනිමේදී ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 84 ක් ලබා සිටියදී දැවී යාම නිසා ඔහුට පිට පිටම ලබාගැනීමට තිබූ 6 වැනි ශතකය අහිමිවී ගියේය.
ඒ අනුව මෙම තරගයේදී තවත් ලකුණු 18 ක් රැස්කිරමින් ශතකයක් ලබාගැනීමට සංගක්කාර සමත් වුවහොත් එය මෙවර තරග වාරයේදී ඔහු ලබාගන්නා 6 වැනි ශතකය වනු ඇත. සංගක්කාරට අමතරව රෝරි බර්න්ස් (90) සහ ජේසන් රෝයි (87) ද සරේ ප්රාන්ත පළමු ඉනිමේදී අර්ධ ශතක ලබාගැනමට සමත් වූහ.
සරේ ප්රාන්ත කණ්ඩායම පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 374
(රෝරි බර්න්ස් 90, මාර්ක් ස්ටෝන්මන් 30, ස්කොට් බෝත්වික් 31, ජේසන් රෝයි 87, කුමාර් සංගක්කාර නොදැවී 82, බෙන් ෆෝක්ස් 23, සෑම් කරන් 20, ස්ටීවන් පැටර්සන් 62/2, බෙන් කෝඞ් 72/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.