Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා - පාකිස්තාන් ටෙස්ට් තරගාවලිය මැද පෙරදිගදී

ශී‍්‍ර ලංකා - පාකිස්තාන් ටෙස්ට් තරගාවලිය මැද පෙරදිගදී

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතය. එහි පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 31 වැනි දින ඩුබායිහිදී ආරම්භ වේ.

දෙවැනි ටෙස්ට් තරගය ඩුබායිහිදී සහ තෙවන ටෙස්ට් තරගය අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සදහා එක්දින තරග පහක් සහ විස්සයි/20 තරග දෙකකින් සමන්විතය. තරගාවලිය දෙසැම්බර් මස 11 වන දින විස්සයි 20 තරගයකින් ආරම්භ වේ.

 

තරග කාලසටහන

දෙසැම්බර් 11 :- පළමු විස්සයි 20 තරගය ඩුබායිහිදී
දෙසැම්බර් 13 -: දෙවැනි විස්සයි 20 තරගය ඩුබායිහිදී
දෙසැම්බර් 18 -: පළමු එක්දින තරගය සාජාහිදී
දෙසැම්බර් 20 -: දෙවැනි එක්දින තරගය ඩුබායිහිදී
දෙසැම්බර් 22 -: තෙවැනි එක්දින තරගය සාජාහිදී
දෙසැම්බර් 25 -: සිව්වැනි එක්දින තරගය අබුඩාබිහිදී
දෙසැම්බර් 27 -: පස්වැනි එක්දින තරගය අබුඩාබිහිදී
දෙසැම්බර් 31 සිට ජනවාරි 4 දක්වා -: පළමු ටෙස්ට් තරගය ඩුබායිහිදී
ජනවාරි 8 සිට 12 දක්වා -: දෙවැනි ටෙස්ට් තරගය අබුඩාබිහිදී
ජනවාරි 16 සිට 20 දක්වා :- තෙවැනි ටෙස්ට් තරගය සාජාහිදී

 

(ඡායාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (1)

ශී‍්‍ර ලංකා - පාකිස්තාන් ටෙස්ට් තරගාවලිය මැද පෙරදිගදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.