කඩාවැටීමට ගිය ඉනිමට ශතකයකින් මුක්කුවක් ගැසූ ධනංජය සිල්වාගේ පිතිහරඹය හේතුවෙන් ජැමෙයිකාවේ ට්‍රිලෝනිහිදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරගයේ තුන්වැනි දිනය නිමා වන විට යන්තම් හිස ඔසවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව සිටියේය.
සිවු දින නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (13 වැනිදා) ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටියේය.
දින දෙකක් පුරා පන්දුවට පහර දුන් කොදෙව් ‘ඒ’ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 364 ක් ලබාගත් අතර තරගයේ දිනයක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල කොදව්වන්ට වඩා ලකුණු 163 ක් පසුපසින් සිටී.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ලකුණු නොලබාම දැවී ගිය හෙයින් අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා කඩා වැටීමට ගිය ශ්‍රී ලංකා ඉනිම රඳවා ගනිමින් සෙසු පිතිකරුවන් සමග එක්ව සම්බන්ධතා ගොඩනඟන්නට විය. එහෙත් ධනංජය හැරුණු විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කිසිවකුට ලකුණු 25 ඉක්මවා යා නොහැකි විය.
තරගයේ දෙවැනි සහ තුන්වැනි දින දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.