ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙලගෙදර නව විස්සයි20 ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එස්.එස්.සී. පිලට එරෙහිව සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති මෙම තරගයේදී වමතින් වේග පන්දු යවන චානක වෙලගෙදර ඕවර හතරේදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
මෙම පන්දු යැවීම ලෝක විස්සයි20 පිටියේදී පළමු කොටසේ තරගයක අඩුම ලකුණු සංඛ්‍යාවකට වැඩිම කඩුලූ දවාගත් පන්දු යැවීම වේ.
දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන ක‍්‍රීඩක ක‍්‍රිස් මොරිස් පසුගිය වසරේ හයිවෙල් ලයන්ස් පිල වෙනුවෙන් ඕවර හතරේදී නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 2 ක් දවා ගනිමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
34 හැවිරිදි වෙලගෙදරගේ වාර්තාගත පන්දු යැවීම නිසා ද්‍රවිඩ සංගම් පිල මෙම තරගයෙන් ලකුණු 45 ක ජයක් ලැබීය.
වෙලගෙදර ටෙස්ට් තරග 21 කදී කඩුලූ 55 ක් ද, එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් ද, දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් 2012 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඕවර හතරකදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 8 කට කඩුලූ 6 ක් දවා ගනිමින් විස්සයි20 අන්තර්ජාතික තරග බිමේ ඉහළතම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියයි.
ද්‍රවිඩ සංගම් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 142
(කිත්රුවන් විතානගේ 46, රමිත රඹුක්වැල්ල නොදැවී 32, දිනුක් වික‍්‍රමනායක නොදැවී 22, බිනුර ප‍්‍රනාන්දු 17/2, චාමර කපුගෙදර 14/3)
එස්.එස්.සී. පිල ඕවර 15.3 කදී සියලූ දෙනා දැවී 97
(ධනුෂ්ක ගුණතිලක 14, මිනෝද් භානුක 13, දසුන් ශානක 43, උපුල් බණ්ඩාර 14, චානක වෙලගෙදර 2/4, ජීවන් මෙන්ඩිස් 39/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.