Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලන්ඩනයේ ආරක්ෂාව ගැන ඕස්ට්‍රේලියානුවන් තෘප්තිමත්

ලන්ඩනයේ ආරක්ෂාව ගැන ඕස්ට්‍රේලියානුවන් තෘප්තිමත්

Nisanka Sandeepani - 2017 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෙනසුරාදා රාත්‍රීයේ ලන්ඩනයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් සිටින බවත් දැනට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය හැකි බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ තරගාවලියේ සංවිධායක මණ්ඩලය සමඟ සාකච්ඡා කර තත්ත්වය සම්බන්ධයෙන් විමසා බව ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉකුත් දා (1) ආරම්භ වූ අතර අද ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතය.
 
ද සිඩ්නි මෝනිං හෙරල්ඩ් ඇසුරිනි. 

 


අදහස් (0)

ලන්ඩනයේ ආරක්ෂාව ගැන ඕස්ට්‍රේලියානුවන් තෘප්තිමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.