Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රෝහිත් - කෝලි ඉන්දියාවට ජය ගෙනෙති

රෝහිත් - කෝලි ඉන්දියාවට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලකට පසුව ඉනිම ආරම්භ කළ රෝහිත් ෂර්මා (91) සහ ෂිකාර් ධවාන් (68) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 136 ක සම්බන්ධතාව මත සිටගත් ඉන්දියානුවෝ අද (4 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 124 ක දැවැන්ත ජයක් ලබාගත්හ. එංගලන්තයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් පිටියේදී පැවැති මෙම තරගයේදී ඕවර 41 කදී ලකුණු 289 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානුවන්ගේ ගමන ඕවර 33.4 කදී ලකුණු 164 කින් නතර කිරීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් තුන්වැනි වතාවටත් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවන විට ඉන්දීය පිල ඕවර 48 කදී කඩුලු 3 කට ලකුණු 319 ක් ලබා සිටියේය.

ඉන්දියාව 
රෝහිත් ෂර්මා - දුවද්දී දැවී ගියා 91
ෂිකාර් ධවාන් - ඇ.අසාර් අලි ප.සදාබ් ඛාන් 68
විරාට් කෝලි - නොදැවී  81
යුවරාජ් සිං  - ක.මු.කළා ප.හසන් අලි 53
හර්දික් පාණ්ඩේ - නොදැවී  20
අතිරේක (පාල -2, ව-2, නි-2) 6
එකතුව ඕවර 48 කදී කඩුලු 3 ක් දැවී     319
කඩුලු වැටීම 
1-136(ධවාන්), 2-192(ෂර්මා), 3-285(යුවරාජ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව් සහ ජස්ප්‍රීත් බුම්රා
පන්දු යැවීම
මොහොමඩ් අමීර් 8.1-1-32-0  
ඉමාඩ් වසිම් 9.1-0-66-0 ව-1
හසන් අලි 10-0-70-1 නි-1
වහබ් රියාස් 8.4-0-87-0 ව-1, නි-1
සදාබ් ඛාන්  10-0-52-1  
ෂොයිබ් මලික් 2-0-10-0  
පාකිස්තානය 
අසාර් අලි - ඇ.පාණ්ඩ්‍යා ප.ජදේජා 50
අහමඩ් ශෙෂාඩ් - ක.මු.කළා ප.කුමාර් 12
බාබර් අසාම් - ඇ.ජදේජා ප.යාදව් 8
මොහොමඩ් හෆීස්  - ඇ.කුමාර් ප.ජදේජා 33
ෂොයිබ් මලික් - දුවද්දී දැවී ගියා  15
සර්ෆ්‍රාස් අහමඩ් - ඇ.දෝනි ප.පාණ්ඩ්‍යා 15
ඉමාඩ් වසිම් - ජාදව් ප.පාණ්ඩ්‍යා 0
සදාබ් ඛාන් - නොදැවී  14
මොහොමඩ් අමීර් - ඇ.ජාදව් පාණඩ්‍යා 9
හසන් අලි - ඇ.ධවාන් ප.යාදව් 0
වහබ් රියාස් - පන්දුවට පහර දීමට පැමිණියේ නැත -
අතිරේක (පාල - 2, ව -6) 8
එකතුව ඕවර කදී කඩුලු  ක් දැවී     164
කඩුලු වැටීම 
1-47(අහමඞ් ශෙෂාඞ්), 2-61(බාබර් අසාම්), 3-91(අසාර් අලි), 4-114(ෂොයිබ් මලික්), 5-131(මොහොමඞ් හෆීස්), 6-135(ඉමාඞ් වසිම්), 7-152(සර්ෆ්‍රාස් අහමඞ්), 8-164(මොහොමඞ් අමීර්), 9-164 (හසන් අලි) 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
සෆ්රාස් අහමඞ් (නායක), අසාර් අලී, අහමඞ් ශේෂාඞ්, බාබර් අසාම්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, ඉම්ඩාඞ් වසීම්, මොහොමඞ් අමීර්, ශඩාබ් ඛාන්, වහබ් රියාස් සහ හසන් අලී
පන්දු යැවීම
බුවනේෂ්වර් කුමාර් 5-1-23-1  
උමේෂ් යාදව් 7.4-1-30-3  
ජස්ප්‍රිට් බුම්රා 5-0-23-0    
හර්දික් පාණ්ඩ්‍යා 8-0-43-2    
රවීන්ද්‍ර ජදේජා 8-0-43-2  

ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව පාකිස්තානුවන්ගේ මුල්ම ඉලක්කය වූයේ ඕවර 48  කදී ලකුණු 324 කි. පාකිස්තානු ඉනිමටත් වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් දෙවරක්ම ඉලක්කය සංශෝධනය කෙරුණද එයින් පාකිස්තානුවන්ට අත්වූ සෙතක් නොවීය. වරෙක කඩුලු 3 කට ලකුණු 114 ක් ලබා සිටි පාකිස්තානු පිලේ අවසන් කඩුලු හතම ලකුණු 50 කට ඇද වැටුණු අතර හර්දික් පාණ්ඬේ සහ රවීන්ද්‍ර ජදේජා එයින් කඩුලු 4 කට වගකීවෝය.

පාකිස්තානු ඉනිම පුරාම දක්නට ලැබුණේ අවිනිශ්චිතතාව මිස අනෙකක් නොවේ. ආරම්භක පිතිකරු අසාර් අලී ලබාගත් අර්ධ ශතකය නොවන්නට පාකිස්තානු ඉනිම එකම ශෝකාන්තයක් වන්නට තිබිණ.

තරගය ආරම්භ කරමින් මොහොමඞ් අමීර් විසින් රෝහිත් ෂර්මාට යවන ලද පළමු ඕවරය නිලකුණු ඕවරයක් විය. ෂර්මා ආරම්භයේදීම තරමක් නොසන්සුන් වූ නමුත් පසුව ඉවසීමෙන් ඉනිම ගොඩනංවමින් ෂිකාර් ධවාන් හා එක්ව ලකුණු හඹා ගියේය. ලකුණු 50 ක සම්බන්ධතාව සම්පූර්ණ කිරීමට පන්දු 65 ක් වැයකළ පිතිකරුවෝ දෙදෙනා තවත් පන්දු 53 කදී 100 වැනි ලකුණ පුවරුවේ සටහන් කළහ.

පාකිස්තානු පන්දු රකින්නන්ගේ දුර්වලකම් වලින් අනගි ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ පන්දුව ඔවුන්ගේ දෙපා මුලට යවා ලකුණු කරා ගියහ. එවන් අවස්ථාවකදී බාබර් අසාම් සහ සර්ෆ්‍රාස් අහමඞ් ඉක්මන් වීම නිසා රෝහිත් ෂර්මාට ශතකය අහිමි වූවත් එයින් සසළ වූයේ විරාට් කෝලි නොවේ.

37 වැනි ඕවරයේදී ෂර්මා දැවී ගියද ඉතිරිව තිබූ කඩුලු 8 න් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දීය නායකයා යුවරාජ් සිං සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් එක්කළේ පන්දු 58 කට පමණක් මුහුණ දෙමිනි. පන්දු 29 කදී සිය අර්ධ ශතකය ලබාගත් යුවරාජ් තරගයෙන් පසුව පැවසුවේ තමන්ගේ ඉනිම ආරම්භයේදීම දුන් උඩපන්දුව අතහැරීම නිසා තමන් එයින් අනගි ප්‍රයෝජන ලබාගත් බවයි.

ඉනිම නිමා වන විට නොදැවී සිටි විරාට් කෝලි පන්දු 68 කදී ලබාගත් ලකුණු 81 කට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්ව තිබිණ. යුවරාජ් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි හර්දික් පාණ්ඬේ පන්දු 6 කින් ලකුණු 20 ක් ලබාගත්තේ පිට පිටම ගැසූ හයේ පහර 3 ක් ද සමගිනි.


අදහස් (0)

රෝහිත් - කෝලි ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.