මන්දගාමී පන්දු යැවීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් තරග දෙකක තහනමකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ තහනම නිමා වී තිබේ. ඒ අනුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව මහනුවර, පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී 26 වැනිදා සහ 28 වැනිදා පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි තරග සඳහා කී‍්‍රඩා කිරීමට නියමිත කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස මැතිව්ස් නම් කර තිබේ.
පල්ලෙකැළේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
මෝනේ මෝකල්ගේ පන්දුවක් ඇලපතේ වැදීම නිසා අපහසුතාවට පත්ව සිටින ළහිරු තිරිමාන්නගේ ශාරීරික යෝග්‍යතාව මත ඔහු තවදුරටත් සංචිතයේ තබාගැනීම තීරණය වනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය -
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශමින්ද එරංග, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ ලහිරු තිරිමාන්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.