Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනට අවසන් කරනවිට බංග්ල්දේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 55 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 78 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ලකුණු 133 ක් ඉදිරියෙන් පසුවන්නේය.
මුෂ්ෆිකූර් රහීම් ලකුණු 11 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර මෙහෙදි හසන් තවමත් ලකුණු රැස්කිරීම ආරම්භ කර නොමැත.
රොස්ටන් චේස් සහ ජොමෙල් වොරිකන් කඩුලු 2 බැගින්ද ද්වේන්ද්‍ර බිශූ කඩුල්ලක්ද දවාගනිමින් බංග්ලාදේශ දෙවැනි ඉනිම ආරම්භයේදීම විනාශ කර දැමීමට සමත්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 246 කට සීමාකිරීමට නයීම් හසන් සහ සකීබ් අල් හසන් සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නයීම් හසන් ලකුණු 61 කට කඩුලු 5 ක් දවාගත් අතර සකීබ් අල් හසන් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ලකුණු 88 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ ශිම්රන් හෙට්මයර් සහ ශේන් ඩව්රිච් ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
වේගවත් පිතිහරඹයක නිරතවූ ශිම්රන් හෙට්මයර් පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් රැස්කර ගන්නා විට ශේන් ඩව්රිච් පන්දු 101 කදී හයේ පහර 3 ක් සහ හතරේ 2 ක් සමගින් නොදැවී 63 ක් රැස්කර ගත්තේය.
නමුත් පසුපෙළ පිතිරුවන් අසාර්ථක විම හේතුවෙන් අවසන් කඩුලු 4 ලකුණු 47 ක් තුල දැවීයාම නිසා බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 78 ක් පසුපසින් සිටීමට ඔවුන්ට සිදුවූහ.
පළමු දිනට ඊයේ (22 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 8 ක් දැවී ලකුණු 315 ක් රැස්කර සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද උදෑසන රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 9 ක් පමණි.
ජොමෙල් වොරිකන් සහ ශැනන් ගේබ්‍රියල් කඩුලු 4 බැගින් දවාගැනීමට සමත්වූහ.
බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 92.4 කදී සියලුදෙනා දැවී 324
(ඉම්රුල් කයිස් 44, මොනිමුල් හක් 120, මොහොමඞ් මිතුන් 20, සකීබ් අල් හසන් 34, මෙහෙදි හසන් 22, නයීම් හසන් 26, තයිජුල් ඉස්ලාම් නොදැවී 39, ජොමෙල් වොරිකන් 62/4, ශැනන් ගේබ්‍රියල් 70/4)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - ඕවර 64 කදී සියලුදෙනා දැවී 246
(රොස්ටන් චේස් 31, ශිම්රන් හෙට්මයර් 63, ශේන් ඩව්රිච් නොදැවී 63, නයීම් හසන් 61/5, සකීබ් අල් හසන් 43/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී 55
(රොස්ටන් චේස් 16/2, ජොමෙල් වොරිකන් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.