Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය 3-0 කින් පාකිස්තානය පරදවයි

බංග්ලාදේශය 3-0 කින් පාකිස්තානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති තරගය තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ 3-0 කින් ජය ලැබීමට සමත් වූහ.

බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබූ පළමු අවස්ථාව මෙය වේ. බංග්ලාදේශය මෙම තරගාවලියේ පළමු තරගය ජය ලබමින් පාකිස්තානයට එරෙහිව වසර 16 කට පසුව එක්දින ජය ලබමින් ඉතිරි තරග දෙක ද ජය ගත්තේය.

මීර්පූර්හිදී පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ද බංග්ලාදේශ පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.

මෙහිදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කර් පන්දු 110 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 127 ක් රැස් කිරීමට සමත් විය. මෙය සර්කර්ගේ පළමු එක්දින ශතකය වේ.

තමිම් ඉක්බාල් පළමු තරග දෙකේදී ශතක දෙකක් සහ තෙවැනි තරගයේ අර්ධ ශතකයක් රැස්කරමින් තරගාවලියේ වීරයා බවට පත්විය.

පාකිස්තානු නව නායක අෂාර් අලී සිය හත්වැනි එක්දින ශතකය ලෙස ලකුණු 101 ක් රැස් කළ ද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.  


පාකිස්තානු පිල ඕවර 49 කදී සියලූ දෙනා දැවී 250
(අෂාර් අලී 101, සමී අස්ලාම් 45, හාරිස් සොහයිල් 52, සාද් නසීම් 22, මෂ්රාෆි මොර්ටාෂා 44/2, රුබෙල් හොසේන් 43/2, අරෆට් සනී 43/2, ශකීබ් අල් හසන් 34/2)

බංග්ලාදේශ පිල  ඕවර 39.3 කදී කඩුලූ 2 ට 251
(තමීම් ඉක්බාල් 64, සෞම්‍ය සර්කර් නොදැවී 127, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 49, යුනයිඞ් ඛාන් 67/2)


- 048


අදහස් (0)

බංග්ලාදේශය 3-0 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.