සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර මීර්පූර්හිදී අද (24) පැවැති විස්සයි20 තරගයෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
බංග්ලාදේශ පිල එක්දින තරගාවලියේ තරග තුනම ජය ලබා 3-0 ක ඉතිහාසගත තරගාවලි ජයත් සමගින් විස්සයි20 තරග ද ජය ලැබීම කැපී පෙනේ. බංග්ලාදේශ පිල ලකුණු 142 ක ඉලක්කය ඕවර 16.2 කදී පන්දු 22 ක් ඉතිරි කරමින් සම්පූර්ණ කළේය.
සබීර් රහමන් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.
මෙම තරගයේදී පාකිස්තානු පිලේ නායකයා ලෙස සහිඞ් අෆ්රිඩි කටයුතු කළේය.
පාකිස්තානු පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 141
(මුක්තාර් අහ්මඞ් 37, අහ්මඞ් ශෙෂාඞ් 17, සහිඞ් අෆ්රිඩි 12, හාරිස් සොහයිල් නොදැවී 30, මොහොමඞ් හෆීෂ් 26, මුස්ටාෆිෂුර් රහමන් 20/2)
බංග්ලාදේශ පිල ඕවර 16.2 කදී කඩුලූ 3 ට 143
(තමීම් ඉක්බාල් 14, ශකීබ් අල් හසන් නොදැවී 57, මුෂ්ෆිකුර් රහීම් 19, සබීර් රහමන් නොදැවී 51)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.