Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය වසර 16 කට පසු පාකිස්තානය පරදවයි

බංග්ලාදේශය වසර 16 කට පසු පාකිස්තානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හිදී අද (17) පැවැති තරගයෙන් ලකුණු 79 ක ජයක් ලැබූ බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ වසර 16 කට පසුව පාකිස්තානය පරාජය කිරීමට සමත් වූහ.

බංග්ලාදේශය මීට පෙර 1999 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගකදී ලකුණු 62 කින් පාකිස්තානය පරාජය කරමින් එකම ජය ලබා සිටියේය.
 
එහිදී බංග්ලාදේශ පිලේ නායකයා ලෙස අමිනුල් ස්ලාම් කටයුතු කළ අතර හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක වසීම් අක‍්‍රම් පාකිස්තානු පිලේ නායකත්ව දැරීය.
ලකුණු 330 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල  ඕවර 45.2 කදී ලකුණු 250 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

තමීම් ඉක්බාල් (132) සහ මුෂ්ෆිකුර් රහීම් (106) පන්දු 130 කදී තෙවැනි කඩුල්ලට ලකුණු 178 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙම ජයග‍්‍රහණයට අඩිතාලම දැමූහ.

මුෂ්ෆිකුර් රහීම් ලකුණු 106 පන්දු 77 කදී සම්පූර්ණ කළ අතර එයට හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත කළේය. රහීම් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.  

තමීම් ඉක්බාල් පන්දු 135 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 132 ක් රැුස්කරමින් සිය එක්දින දිවියේ පස්වැනි ශතකය වාර්තා කළේය.


බංග්ලාදේශ පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 329
(තමීම් ඉක්බාල් 132, සෞම්‍ය සර්කර් 20, මුෂ්ෆිකුර් රහීම් 106, ශකීබ් අල් හසන් 31, සබීර් රහමන් 15, වහබ් රියාස් 59/4)

පාකිස්තානු පිල  ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 250
(අෂාර් අලී 72, සෆ්රාෂ් අහ්මඞ් 24, හාරිස් සොහයිල් 51, මොහොමඞ් රිෂ්වාන් 67, ෆවාඞ් අලාම් 14, ටස්කින් අහ්මඞ් 42/3, අර්ෆට් සනී 47/3)


- 048

 


අදහස් (0)

බංග්ලාදේශය වසර 16 කට පසු පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.