ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාදවල ආබාධවලින් වළක්වා ගැනීම සඳහා ඒ සම්බන්ධ විශේෂඥායකු වන ඕස්ටේ්‍රලියානු ජාතික නිකලස් ස්ප්‍රෙන්ගර් මහතාගේ සේවය නැවතත් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඔලිම්පික් පදක්කම් ලාභියකු වන නිකලස් මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට උපදෙස් දීම සඳහා දින හතරක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (26) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී නිකලස් ස්ප්‍රෙන්ගර් මහතාගේ කාර්යයන් පිළිබඳව පළමු වරට මාධ්‍යයට හෙළි කෙරිණ.
නිකලස් මහතා ශ්‍රී ලංකා පිල ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ක්‍රීඩකයන්ගේ යටි පතුලේ සිට වළලුකර දක්වා ප්‍රමාණයන් පතරොමක් ආකාරයට ලබාගෙන විශේෂ පාවහන් නිර්මාණය කරගෙන පැමිණ තිබේ. මාසයකට පමණ කාලයකට පසු ඔහු විශේෂ පාවහන් නිෂ්පාදනය කර ක්‍රීඩකයන්ට ලබාදී පසුව ප්‍රතිඵලය ලබා ගැනීමට නියමිතය.
එම මාධ්‍ය හමුවේදී නිකලස් මහතා පැවසුවේ ක්‍රීඩකයකුගේ පාදය නිවැරදිව පොළවේ පතිත නොවීමෙන් ආබාධවලට ලක්වීමේ ඉඩ වැඩි බවත් ක්‍රීඩකයකු දුවන විට පාවහන්ද, පුහුණුවීමේදී වෙනත් පාවහන්ද, පාවිච්චි කළ යුතු බවත් මෙය ආබාධයන් වළක්වා ගැනීමේ පියවරක් බවත්ය.
“පාදය නිවැරදිව පතිත නොවීමෙන් ක්‍රීඩකයන් පාදයේ ඇටවල, මස්පිඩුවල ආබාධ ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් ඒ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා එය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තමයි මෙහිදී වෙන්නේ” යැයි නිකලස් මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ මේ සඳහා විශාල මුදලක් වියදම් වන නමුත් එය අනාගත ආයෝජනයක් ලෙස සළකන බවයි.
“මෙය වැඩි වශයෙන් අහලා තියෙන ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි. නමුත් මේ වන විට ලෝකයේ ක්‍රීඩකයන් මෙම සේවය ලබා ගන්නවා” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු සයිමන් විලිස් සහ ඉහළ දක්‍ෂතා පුහුණුකරු නිර්මලාන් තණබාලසිංගම් යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.