Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය ලකුණු 19 කින් ජය ගනියි

පාකිස්තානය ලකුණු 19 කින් ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර බර්මින්හැම්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 27 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය. තරගය ජයගැනීම සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 27 ක් තුළදී රැස්කරගත යුතු ලකුණු සංඛ්‍යාව 101 ක් බැවින් පාකිස්තානයට ලකුණු 19 ක ජයක් හිමිවිය.

දකුණු අප්‍රිකාව 
ක්වින්ටන් ඩි‘ කොක් - ක.මු.කළා ප. හෆීස්  33
හසීම් අම්ලා - ක.මු.කළා ප. ඉමාඩ් 16
ෆෆ් ඩුප්ලෙසි - ප. හසාන් අලි 26
ඒ බී ඩිවිලියර්ස් - ඇ. හෆීස්  0
ඩේවිඩ් මිලර් - නොදැවී  75
ජේ.පී. ඩුමිනි - ඇ. බාබර් ප. හසාන් අලි 8
වේන් පානෙල් - ප. හසාන් අලි 0
ක්‍රිස් මොරිස් - ඇ. හසාන් අලි ප. ජුනයිඩ් 28
කගිසො රබාඩා - ඇ. හසාන් අලි ප. ජුනයිඩ් 26
මෝනි මෝකල් - නොදැවී  0
අතිරේක (පා-1, ව-5, නි-1) 7
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී     219
කඩුලු වැටීම 
1-40 (අම්ලා), 2-60 (ඩි‘ කොක්), 3-61 (ඩිවිලියර්ස්), 4-90 (ඩුප්ලෙසි), 5-118 (ඩුමිනි), 6-118 (පානෙල්), 7-165 (මොරිස්), 8-213 (රබාඩා)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ඉම්රාන් තහීර් 
පන්දු යැවීම
මොහොමඩ් අමීර්  10-0-50-0 ව-3
ජුනයිඩ් ඛාන්  9-0-53-2 ව-1, නි-1
ඉමාඩ් වසීම්  8-0-20-2  
මොහොමඩ් හෆීස්  10-0-51-1  
හසාන් අලි 8-1-24-3  
ෂදාබ් ඛාන්  5-0-20-0  
පාකිස්තානය 
අසාර් අලි - ඇ. තහීර් ප. මෝකල්  9
ෆාකර් සාමන් - ඇ. අම්ලා ප. මෝකල්  31
බාබර් අසාම් - නොදැවී  31
මොහොමඩ් හෆීස් - ඇ. තහීර් ප. මෝකල්  26
ෂොයිබ් මලික් - නොදැවී  16
අතිරේක (පා-2, ව-3, නි-1) 6
එකතුව ඕවර 27 කදී කඩුලු 3 ක් දැවී     119
කඩුලු වැටීම 
1-40 (සාමන්), 2-41 (අසාර්), 3-93 (හෆීස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
සෆ්රාස් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, ෂදාබ් ඛාන්, හසාන් අලි, ජුනයිඩ් ඛාන්
පන්දු යැවීම
කගිසෝ රබාඩා 7-1-36-0 නි-1
වේන් පානෙල්  4-0-25-0  
මෝනි මෝකල්  7-1-18-3 ව-1
ක්‍රිස් මොරිස්  5-1-22-0 ව-1
ඉම්රාන් තහීර්  4-0-16-0 ව-1

වර්ෂාව නිසා තරගය නතර කරන විට බාබර් අසාම් හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 31 ක්ද, ෂොයිබ් මලික් හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 16 ක්ද ලබා සිටියහ.

පාකිස්තාන කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 3 ටම හිමිකම් කීමට මෝනි මෝකල් සමත් වූ අතර නිලකුණු ඕවරයක්ද සමගින් ඕවර 7 ක් යැවූ ඔහු එහිදී සිය ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. හුදෙකලා සටනක නිතර වූ ඩේවිඩ් මිලර් පන්දු 104 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කළේය.

ලකුණු 118 කට කඩුලු 6 ක් බිඳවැටී දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරු අඩියකට පත්ව තිබූ අවස්ථාවේ ක්‍රිස් මොරිස් (28) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිලර්, කගිසෝ රබාඩා (26) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ හසන් අලී ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජුනේඞ් ඛාන් සහ ඉම්ඩාඞ් වසීම් කඩුලු 2 බැගින් දවාගත්හ.


- 036

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 19 කින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.