Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාව ඉනිමකින් සිම්බාබ්වේ පරදවයි

දකුණු අප්‍රිකාව ඉනිමකින් සිම්බාබ්වේ පරදවයි

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පෝර්ට් එලිසබෙත්හිදී පැවැති දිවා රාත්‍රී සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම ඉනිමකින් සහ ලකුණු 120 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (27 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 214 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 121 කට සීමා කිරීමට කේෂව් මහරාජ් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහරාජ් ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගත් අතර සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇන්ඩිල් පෙලුක්වායෝ ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ දැමුවේය.

සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේද ලකුණු 68 ක් පමණි. එහිදී පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූ අතර මෝනි මෝකල් ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් ඒඩන් මාර්ක්‍රම් (125), සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කළේය.

නායක ඒ.බී. ඩිවිලියස් (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාර්ක්‍රම්, ඉන් නොනැවතී ටෙම්බා බවුමා (44) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

කයිල් ජාර්විස් සහ ක්‍රිස් මොෆූ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 බැගින් දවගානීමට සමත් වූ අතර නායක ග්‍රේම් ක්‍රීමර් කඩුලු 2 ක් දවාගත්තේය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 309
(ඩීන් එල්ගා 31, ඒඞ්න් මාර්ක්‍රම් 125, ඒ.බී. ඩිවිලියස් 53, ටෙම්බා බවුමා 44, ක්වින්ටින් ඩි’කොක් 24, කයිල් ජාර්විස් 57/3, ක්‍රිස් මොෆූ 58/3, ග්‍රේම් ක්‍රීමර් 66/2)

සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 68
(කයිල් ජාර්විස් 23, මෝනි මෝකල් 21/5, කගිසෝ රබාඩා 12/2, ඇන්ඩිල් පෙලුක්වායෝ 12/2)

සිම්බාබ්වේ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 121
(ක්‍රේග් එර්වින් 23, ග්‍රේම් ක්‍රීමර් 18, කේෂව් මහරාජ් 59/5, ඇන්ඩිල් පෙලුක්වායෝ 13/3)

 

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ඉනිමකින් සිම්බාබ්වේ පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.