Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිවිලියර්ස් - රබාඩා පෙරමුණ ගනිති

ඩිවිලියර්ස් - රබාඩා පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයේ සිටි ඉම්රාන් තහීර් පසුපසට ඇද දමමින් දකුණු අප්‍රිකාවේම වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා පෙරමුණ ගැනීමට සමත්වී ඇත. එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී පළමු  සහ දෙවැනි ස්ථානයේ සිටින පන්දුයවන්නන් දෙදෙනා සහ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී හොදම පිතිකරුවන් 10 දෙනා අතරින් පිතිකරුවන් සිව්දෙනෙකු රැගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලානයට සහභාගි වෙයි.

පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ඒ.බී.ඩිවිලියර්ස් සමත්වී ඇති අතර ක්වින්ටන් ඩි’කොක්, ෆෆ් ඩුප්ලෙසී සහ හසීම් අම්ලා අනෙක් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ වෙති.

එංගලන්තය සමගින් පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී කඩුලු හතක් දවාගත් රබාඩා පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට සමත්වූ අතර එම තරගාවලියේදී කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 21.71 කි. රබාඩා විසින් තෙවැනි තරගයේදී ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගැනීම නිසා එංගලන්ත කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 20 ක් තුළදී දැවී ගිය අතර ඔහු ඕවරයකදී ලකුණු ලබාදීමේ සාමාන්‍යය 5.42 කි.

2015 ජූලී මාසයේදී පළමු තරගයට සහභාගී වූ කගිසෝ රබාඩා මේවන විට තරග 37 කදී කඩුලු 64 ක් දවාගැනීමට සමත්වී ඇති අතර කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 24.90 ක්ද ඕවරයකදී ලකුණු දීමේ සාමාන්‍යය 5.13 ක්ද වෙයි.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට හසීම් අම්ලා සහ ක්වින්ටින් ඩි’කොක් සමත්වූ අතර ශ්‍රේණිගත කිරීම්හී හයවැනි ස්ථානයේ සිටි ඩි’කොක් සිව්වැනි ස්ථානය දක්වාත් 11 වැනි ස්ථානයේ සිටි අම්ලා 10 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණීමට සමත්වූහ. ඩිවිලියර්ස් පළමු ස්ථානයේම රැඳී සිටි අතර ඉම්රාන් තහීර් දෙවැනි ස්ථානයටත් ඩුප්ලෙසී හයවැනි ස්ථානය දක්වාත් පහත වැටුණි.


හොඳම පිතිකරුවෝ 10 දෙනා

1. ඒ.බී.ඩිවිලියර්ස්
2. ඩේවිඩ් වෝනර්
3. විරාත් කෝලී
4. කුයින්ටන් ඩි’කොක්
5. ජෝ රූට්
6. ෆෆ් ඩුප්ලෙසී
7. බාබර් අසාම්
8. මාටින් ගප්ටිල්
9. කේන් විලියම්සන්
10. හසීම් අම්ලා

හොඳම පන්දු යවන්නෝ 10 දෙනා

1. කගීසෝ රබාඩා
2. ඉම්රාන් තහීර්
3. මිචෙල් ස්ටාර්ක්
4. සුනිල් නරේන්
5. ජොෂ් හේසල්වුඞ්
6. ටේ‍රන්ට් බෝල්ට්
7. ක්‍රිස් වෝක්ස්
8. මොහොමඞ් නබී
9. සකීබ් අල් හසන්
10. මිචෙල් සැන්ටර්

 


අදහස් (0)

ඩිවිලියර්ස් - රබාඩා පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.