Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජාකොබ් කොදෙව් ‘ඒ’ පිලට ඉනිමක ජයක් ගෙනෙයි

ජාකොබ් කොදෙව් ‘ඒ’ පිලට ඉනිමක ජයක් ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඬේමියන් ජාකොබ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජැමෙයිකාවේදී පැවැති පළමු සිවුදින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 13 ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත්විය.

තෙවැනි දිනය නිමාවන විටදී කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිවුවැනි දිනයේදී පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි. ලකුණු 152 ක් පසුපසින් සිට පිට පිට දෙවැනි වරටද පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 139 කට සිමා කිරීමට ඬේමියන් ජාකොබ් සමත්විය.

සදුන් වීරක්කොඩි (56) අර්ධ ශතකයක් රැස්කරමින් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඬේමියන් ජාකොබ් ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 60 කට කඩුලු 8 ක් දවාගැනීමට ඬේමියන් ජාකොබ් සමත්වූ අතර රකීම් කෝන්වේල් ලකුණු 122 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.

 


අදහස් (0)

ජාකොබ් කොදෙව් ‘ඒ’ පිලට ඉනිමක ජයක් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.