Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට

කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වී තිබේ. අද (7 වැනිදා) උදෑසන පුහුණුවීම් කරමින් සිටියදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් කපුගෙදර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් යවා තිබේ.

ඉන්දියාවට එරෙහිව හෙට (8 වැනිදා) පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඒබව ස්ථිර කර සිටියේය.

“පුහුණුවීම් කරමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වුණා. අපි ඔහුගේ පරීක්‍ෂණ වාර්තාව ලැබෙනකම් බලා ඉන්නවා. අවශ්‍ය වුණොත් අපට ධනුෂ්ක ගුණතිලක ඉන්නවා” යයි මැතිව්ස් පැවසීය.

පුහුණු තරගයේදී පාදයේ කලව පසුපස මස්පිඬුව ඇදීම නිසා අපහසුතාවට පත් මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ඉවත්ව සිටියේය. ශ්‍රී ලංකා නායකයා හෙට තරගයට ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු වශයෙන් පමණි.

 


අදහස් (1)

කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.