බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර ග්‍රෙනඩාහි ශාන්ත ජෝර්ජ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 373 ක් ලබා සිටියේය.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ජෝ රූට් නොදැවී ලකුණු 118 ක්ද, ජොස් බට්ලර් නොදැවී ලකුණු 4 ක්ද බැගින් ලබා කඩුල්ලේ රැදී සිටි අතර එංගලන්ත පිල කඩුලූ 4 ක් අතැතිව ලකුණු 74 ක් ඉදිරියෙන් සිටියේය. තරගයේ තවත් දින දෙකක් ඉතිරි වී තිබේ.
ඊයේ (23 වැනිදා) දිනයේදී සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය ලබාගැනීමට ජෝ රූට් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් විය.
ගැරී බැලන්ස් (77) සමග එක්වූ රූට්, සිය කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 165 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. බැලන්ස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. ඇලෙස්ටෙයාර් කුක් (76) සහ ජොනතන් ට්‍රොට් (59) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කිසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොදෙව් පිලට ආරාධනා කර සිටි අතර ඔවුහු සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 299 ක් රැස්කළහ. එහිදී ශතකයක් (103) ක් ලබාගැනීමට මාලන් සැමුවෙල්ස් සමත්වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් අන්තර්ගත විය.
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම - සියලූ දෙනා දැවී 299
(ඩෙවෝන් ස්මිත් 15, ඩැරන් බ‍්‍රාවෝ 35, මාලන් සැමුවෙල්ස් 103, ජර්මේන් බ්ලැක්වුඞ් 26, ඩිනේෂ් රැම්ඩින් 31, ජේසන් හොල්ඩර් 22, දෙවේන්ද්‍ර බිෂෝ 30, ශැනෝන් ගේබි‍්‍රයල් නොදැවී 20, ස්ටුවර්ට් බ්‍රෝඞ් 61/4, ජේම්ස් ඇන්ඩසන් 47/2, ක‍්‍රිස් ජොර්ඞ්න් 65/2)
එංගලන්ත පිල පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 373
(ඇලිස්ටෙයාර් කුක් 76, ජොනතන් ට්‍රොට් 59, ගැරී බැලන්ස් 77, ජෝ රූට් නොදැවී 118, ශැනෝන් ගේබි‍්‍රයල් 60/2, දෙවේන්ද්‍ර බිෂෝ 124/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.