Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය අවසන් පූර්ව වටයට

එංගලන්තය අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ කාර්ඩීෆ්හිදී අද (06 වැනිදා) පැවැති තරගයෙන් නවසිලන්තයට එරෙහිව ලකුණු 87 ක ජයක් හිමිකර ගත් එංගලන්තය කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය නවසිලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි.


නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් කේන් විලියම්සන් පන්දු 98 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 87 ක් රැස්කළද අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහී ගියේය. දෙවැනි කඩුල්ල සදහා මාටින් ගප්ටිල් සමගින් පන්දු 77 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කේන් විලියම්සන් තෙවැනි කඩුල්ල සදහා රොස් ටේලර් සමගින්ද පන්දු 101 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

 

එංගලන්තය
ජේසන් රෝයි - ප.මිල්න් 13
ඇලෙක්ස් හේල්ස් - ප.මිල්න් 56
ජෝ රූට් - ප.ඇන්ඩර්සන් 64
ඔයින් මෝගන් - ඇ.රොච් ප.ඇන්ඩර්සන් 13
බෙන් ස්ටෝක්ස් - ඇ.මිල්න් ප.බෝල්ට් 48
ජොස් බට්ලර් - නොදැවී 61
මොයින් අලී - ඇ.බෝල්ට් ප.ඇන්ඩර්සන් 12
අදිල් රෂීඞ් - ක.මු.කළා ප.සැන්ටර් 12
ලයම් ප්ලන්කට් - ඇ.සවුති ප.මිල්න් 15
මාර්ක් වුඞ් - ඇ.ටේලර් ප.සවුති 0
ජේක් බෝල් - ඇ.බෝල්ට් ප.සවුති 0
අතිරේක (පා-5, ව-11) 16
එකතුව ඕවර 49.3 කදී සියලුදෙනා දැවී     310
කඩුලු වැටීම 
1-37 (රෝයි), 2-118 (හේල්ස්), 3-134 (මෝගන්), 4-188 (රූට්), 5-210 (ස්ටෝක්ස්), 6-230 (අලී), 7-260 (රෂීඞ්), 8-309 (ප්ලන්කට්), 9-310 (වුඞ්), 10-310 (බෝල්)
පන්දු යැවීම
ටිම් සවුති 9.3-0-44-2 ව-2
ට්‍රෙන්ට් බෝල්ට් 10-0-56-1  
ඇඩම් මිල්න් 10-0-79-3 ව-4
කෝරී ඇන්ඩර්සන් 9-0-55-3 ව-3
මිචෙල් සැන්ටර් 8-0-54-1 ව-1
ජේම්ස් නීශම් 3-0-17-0  
නවසීලන්තය
මාටින් ගප්ටිල් - ඇ.රූට් ප.ස්ටෝක්ස් 27
ලුක් රොන්ච් - ප.බෝල් 0
කේන් විලියම්සන් - ඇ.බට්ලර් ප.වුඞ් 87
රොස් ටේලර් - ඇ.රූට් ප.බෝල් 39
නීල් බෲම් - ක.මු.කළා ප.රෂීඞ් 11
ජේම්ස් නීශම් - ඇ.හේල්ස් ප.ප්ලන්කට් 18
කොරී ඇන්ඩර්සන් - ඇ.හේල්ස් ප.ප්ලන්කට් 10
මිචෙල් සැන්ටර් - ස්ට.බට්ලර් ප.රෂීඞ් 3
ඇඩම් මිල්න් - ඇ.රෂීඞ් ප.ප්ලන්කට් 10
ටිම් සවුති - ඇ.රෝයි ප.ප්ලන්කට් 2
ට්‍රෙන්ට් බෝල්ට් - නොදැවී 0
අතිරේක (බ-4, පා-8, ව-4) 16
එකතුව ඕවර 44.3 කදී සියලුදෙනා දැවී     223
කඩුලු වැටීම 
1-1 (රොන්ච්), 2-63 (ගප්ටිල්), 3-158 (විලියම්සන්), 4-168 (ටේලර්), 5-191 (නීශම්), 6-194 (බෲම්), 7-205 (සැන්ටර්), 8-211 (ඇන්ඩර්සන්), 9-223 (මිල්න්), 10-223 (සවුති)
පන්දු යැවීම
ජේක් බෝල් 8-2-31-2  
මාර්ක් වුඞ් 9-0-32-1  
ලයම් ප්ලන්කට් 9.3-0-55-4  
බෙන් ස්ටෝක්ස් 8-0-46-1 ව-3
අදිල් රෂීඞ් 10-0-47-2 ව-1

ලයම් ප්ලන්කට් ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ජේක් බෝල් සහ අදිල් රෂීඞ් කඩුලු දෙක බැගින් දවාගැනිමට සමත්වූහ.


පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කණ්ඩායම ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 310 ක් රැස්කිරීමට සමත්විය. අවසන් තරග 13 න් තරග 11 කදී ලකුණු 300 සිමාව පසුකිරීමට එංගලන්තය කණ්ඩායම සමත්වී ඇත.


එක් ලකුණක් තුළ අවසන් කඩුලු තුනම දැවියාම හේතුවෙන් ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට තිබූ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට අහිමිවී ගියේය. එංගලන්ත ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 48 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත්වූ ජොස් බට්ලර් අටවැනි කඩුල්ල සදහා ලයම් ප්ලන්කට් සමගින් එක්ව පන්දු 30 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.


සිව්වැනි කඩුල්ල සදහා බෙන් ස්ටෝක්ස් සමගින් පන්දු 54 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් දැවීයන විටදී පන්දු 65 කදි ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය. කෝරී ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ දැවිගිය රූට්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය.


ඇලෙක්ස් හේල්ස් පන්දු 62 කදී ලකුණු 56 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. දෙවැනි කඩුල්ල සදහා ජෝ රූට් සමගින් එක්වූ ඇලෙක්ස් හේල්ස් පන්දු 78 කදි ලකුණු 81 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත් වූහ. දිගින් දිගටම ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ ජේසන් රෝයිට අද දිනයේදීද රැස්කිරීමට හැකිවුයේ ලකුණු 13 ක් පමණී.


තරග ආරම්භයේදී හොදින් පන්දු යැවූවද තරමක පහරකෑමකට ලක්වූ ඇඩම් මිල්න් ලකුණු 79 කට කඩුලු 3 ක් දවාගත් අතර කෝරී ඇන්ඩර්සන්ද ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගැනිමට සමත්විය.

 


අදහස් (0)

එංගලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.