පස්වැනි වරටත් පැවැති ආසියානු සම්මාන උත්සවයේදී ආසියාතිකයකු වශයෙන් 2015 වසරේදී කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට කරන ලද විශිෂ්ටතම සේවය සඳහා වූ සම්මානය ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරට පිරිනමන ලදි. මෙම සම්මාන උත්සවයට ඊයේ (17 වැනිදා) ලන්ඩන් නුවර ග්‍රොස්වෙනර් හවුස් හෝටලයේදී පැවැත්විණ.
තවමත් 37 හැවිරිදි වියේ සිටින සංගක්කාර මෙම සම්මානය දිනාගත් දෙවැනි ශී‍්‍ර ලාංකිකයාය. මුත්තයියා මුරලිදරන් වසර 2011 දී මෙම සම්මානයට හිමිකම් කීවේය.
ආසියාවේ විශිෂ්ටතම කලාකරුවන් මෙන්ම විද්‍යාර්ථීන්ට සම්මාන පිරිනැමෙන ආසියානු සම්මාන ආරම්භ කරන ලද වසර 2010 දී කී‍්‍රඩා පිළිබඳ සම්මානය හිමිවූයේ සචින් තෙන්ඩුල්කාර්ටය. පසුගිය වසරේදී කී‍්‍රඩාව වෙනුවෙන් හිමි සම්මානය ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිට පිරිනැමිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.