අන්තර්ජාතික තරග වලදී ලකුණු 28,016 ක් ලබාගැනීමෙන් පසුව ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ගිය කුමාර් සංගක්කාර මේ වන විට තමාගේ අවසන් පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කරමින් සිටී. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පිට පිට පළමු පෙළ ශතක 5 ක් ලබාගත් සංගක්කාර ඉනිම 7 කදී ලකුණු 805 ක් ලබාගත් හෙයින් මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගත්තේය.
පළමු පෙළ ලකුණු 20,000 සීමාව පසුකර ගිය පළමු සහ එකම ශ්‍රී ලාංකිකයාද (20,296) සංගක්කාරය.
මේ දිනවල පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ විස්තර විචාරයකු ලෙසින්ද කටයුතු කරන සංගක්කාර ඊයේ (8 වැනිදා) සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවැති ලන්ඩන් ඕවල් පිටියේ විස්තර විචාරක කුටියේය. එහෙත් අද පෙරවරුවේදී සිය කරපටි කබා ගලවා පසෙක තැබූ සංගක්කාර සරේ ක්‍රීඩා සමාජයේ පුහුණු දැළ වෙත පියමං කළේ සරේ කණ්ඩායමේ මීළඟ තරගය වෙනුවෙන් පුහුණුවීම් කිරීමේ සුදානම ඇතිවය.
තමන් කෙතරම් ප්‍රවීනයකු වුවද වෘත්තිය මට්ටමේ රැඳී සිටීමට නම් දිගින් දිගටම පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍යය. ගෞරව බහුමාන පණ්ඩිත් අමරදේවයෝ පවා සිය දිවිමගේ 80 වැනි දශකයේ අග භාගයේදීත් සංගීත අභ්‍යාස කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.