(ශානුක අරවින්ද)
තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා එළබෙන 24 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස්ට හිමිව තිබේ.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතයට රෙහාන්ට අමතරව රාජකීය විදුහල නියෝජනය කරන තවත් ක්‍රීඩකයන් දෙදෙනක් ඇතුළත්ව සිටිති. රත්ගම දේවපතිරාජ, මහනුවර කිංග්ස්වුඩ් සහ ගල්කිස් සාන්ත තෝමස් යන විදුහල්වලින්ද ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සංචිතයේ ස්ථාන හිමිකරගෙන ඇත.
තරගාවලියේ පළමු තෙදින තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදී පැවැත්වෙන අතර දෙවැනි තෙදින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 වැනිදා සිට 4 සිවුවැනිදා දක්වාය.
එක්දින තරග 3 ම චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග පිළිවෙළින් දෙසැම්බර් මස 7, 9 සහ 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය ඉදිරි දිනයකදී නම් කරනු ඇත.
ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය
රෙහාන් පීරිස් (නායක) - කොළඹ රාජකීය විදුහල
ආරෝෂ සිතුමිණ - රත්ගම දේවපතිරා විදුහල
චනුල් කොඩිතුවක්කු - මහනුවර කිංග්ස්වුඩ් විදුහල
හිරුන් මතීෂ - කොළඹ රාජකීය විදුහල
පුල්ජිත් වත්සුක - රත්ගම දේවපතිරා විදුහල
සනුල් වීරරත්න - කොළඹ මහානාම විදුහල
හිමරු දේෂාන් - කොළඹ රාජකීය විදුහල
ස්ටෙවෝන් පීරිස් - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
ජේසන් ප්‍රනාන්දු - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල
මනිත රාජපක්ෂ - ගාල්ල මහින්ද විදුහල
ළහිරු ලක්මාල් - ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල
කෙනුල පලිහවඩන - මහනුවර කිංග්ස්වුඩ් විදුහල
මිනුග නෙත්සර - මීගමුව හරිෂ්චන්ද්‍ර විදුහල
ගිම්හාන් මෙන්ඩිස් - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
නඳුන් බණ්ඩාර - කුරුණෑගල මලියදේව විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.