Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙළෙඳ සේවා එෆ් කාණ්ඩයට කැමරා.එල්.කේ.

වෙළෙඳ සේවා එෆ් කාණ්ඩයට කැමරා.එල්.කේ.

editorial - 2024 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැමරා.එල්.කේ සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘එෆ්‘ කාණ්ඩයේ තරගාවලියට එක්වී සිටී. කැමරා.එල්.කේ. ආයතනයේ සේවයේ නියුතු, ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ සහ තම ක්‍රීඩා කෞෂල්‍යය පෙන්වීමට කැමැති සාමාජිකයන්ගේ සහභාගිත්වය ඇතිව කැමරා.එල්.කේ. සමාගම 2024 දී වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘එෆ්‘ කාණ්ඩයේ තරගාවලියට එක්වෙයි. 

කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු වැනි තරුණ ජවයෙන් පිරිපුන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අනුග්‍රහක දායකත්වය පිරිනමන කැමරා.එල්.කේ සමාගම පසුගිය වසරේදී පැතුම් නිශ්ශංකව සිය සන්නාම සන්නිවේදකයා ලෙස පත්කර ගත්තේය. 

කැමරා.එල්.කේ සමාගම පසුගිය ජුනි මාසයේදී විමුක්ති දේශප්‍රිය මහතා යටතේ පුහුණුවීම් ආරම්භ කළේය. අනතුරුව පසුගිය මාස හය පුරා තමන් මුහුණ දුන් තරග 12 කින් තරග 6 ක් ජයගනිමින් 50% ක ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කර තිබේ. කැමරා.එල්.කේ සංචිතයේ 19 දෙනා අතරින් තිදෙනෙක් පමණක් මීට පෙර දෘඪ පන්දු ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන අතර, අනෙක් සියලු දෙනාම සිය උනන්දුව හැකියාව මත මේ වෙනුවෙන් පෙළගැසුණු පිරිසකි.

කණ්ඩායමේ කළමනාකරු ලෙස ලක්සි ද සිල්වාත්, සහකාර කළමනාකරු ලෙස තිලකරත්න කටයුතු කරති.

 

කැමරා.එල්.කේ සංචිතය
තීක්ෂණ මධුවන්ත, නිරෝෂ් ශ්‍රීමල්, හිමන්ත දිනූෂ, සමීර පීරිස්, යොහාන් ජස්ටින්, අංජන රාජපක්ෂ, මලිදු චතුරංග, චමුක බාලසූරිය, අසිත චාමර, තිළිණ විජේසිරි, ගයාන් මධුශංක, ආර්.ජී. නිලේෂ්, හිමාල නිමංසල, ජනිත් චාමර, තරිඳු පරණවිතාන, ඕෂද සිල්වා, අවිශ්ක සංජුල, සත්‍යශිවම් සති සහ අශාන් වීරවංශ 


අදහස් (0)

වෙළෙඳ සේවා එෆ් කාණ්ඩයට කැමරා.එල්.කේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.