Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බී’ තලයේ අවසන් තරගය 5 දා මග්ගොනදී

බී’ තලයේ අවසන් තරගය 5 දා මග්ගොනදී

editorial - 2025 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ  ‘බී’ තලයේ තරගාවලියේ අවසන් මහ තරගය හෙට (5 වැනිදා) මග්ගොන සරේ ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වෙයි.

පළමු වටයේදී එකම කාණ්ඩය යටතේ තරග වැදුණු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. පළමු වටයේ තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය ජය ලැබීය.

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු වටයේදී කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්ව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය විසින් කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කරන ලදි. තවත් අර්ධ අවසන් පූර්ව තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය විසින් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරන ලදි.

අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය විසින් කඳාන දි මැසිනෝද් විද්‍යාලය පරාජය කරන ලදි. අනෙක් අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය විසින් පසුගිය වසරේ අනු ශූරයන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරාජය කරන ලදි.

මෙවන් දිසානායක විසින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල පිල මෙහෙයවනු ලබයි. යෂ්මින් ජයසුන්දර කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාල පිල මෙහෙයවයි.

 

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල සංචිතය:

මෙවන් දිසානායක (නායක), මාරියෝ ප්‍රනාන්දු, මාණික්‍ය දේශප්‍රිය, ටෙහාන් බිටර්, ට්‍රිෂේන් සිල්වා, අයේෂ් ගජනායක, විහඟ රත්නායක, දුමින් ලියනආරච්චි, ලිතික ජයසුන්දර, දිනත් සෙනිල,රෙයාන් ෂෙහාර, යොහාන් එදිරිසිංහ, යොවෙල් එදිරිසිංහ, රුමේන් පීරිස්, සිතුම් ජයසිංහ, නඳුන් ප්‍රනාන්දු, රුවින්ද දිදුලක සහ පරන්තමන් රෝහිත්,

අසංක වන්නිනායක (කණ්ඩායම් භාර ආචාර්ය), සුරංග පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), ශානුක ජීවන්ත (සහාය පුහුණුකරු)

 

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාල සංචිතය:

යෂ්මින් ජයසුන්දර (නායක), කුෂාන් සුබසිංහ (උප නායක), දිනුග මෙත්විරු, සනුක කෙම්සර, ඉමන්ජිත් භාතික, සනුජ නිදුවර, ඉමාෂ සමරවික්‍රම, මනුජ විජේරත්න, නවිඳු රත්නායක, යුලාන් ජයකඩු, නෙසාද් වීරසේකර, සෙහස් තිලකරත්න, චනියාල් ඩිමෝර්, ජිත්සර දිසානායක, නෙතුල් චන්ද්‍රසේන, ඉෂාන් ඛාන්, තුෂාන් ජයසේකර, ඩිහාන් මුණසිංහ, දේශාන් උඩමුල්ල සහ පමුදිත ටෙෂාන්

නිහාල් දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), දිනූෂ ජයසංක (ප්‍රධාන පුහුණුකරු), කළිඳු විජේසිංහ (සහාය පුහුණුකරු)


අදහස් (0)

බී’ තලයේ අවසන් තරගය 5 දා මග්ගොනදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.