Last Update  :  2026-05-18 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිස්ස මැදි විදුහල තරගයේ වැඩි ගෞරව දිනාගනී

තිස්ස මැදි විදුහල තරගයේ වැඩි ගෞරව දිනාගනී

editorial - 2026 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 66 වැනි "මැංගුස් සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මෙම මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද තරගයේ වැඩි ගෞරව හිමි කර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දුවට පහරදුන් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 275ක් රැස් කළේය. එහිදී දක්ෂ පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු නෙත්සර යෂ්මිත පන්දු 176 කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 150ක් රැස් කළේය.

මැංගුස් සටන තරග ඉතිහාසයේ පිතිකරුවකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට නෙත්සර සමත්විය.

කළුතර විද්‍යාලය තම පළමු ඉනිමේ ඕවර 29.1 ක් ඇතුළත ලකුණු 69 කට දැවී ගියේය. මළිඳු ඩිල්ෂාන් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 28කට කඩුලු 5ක් දවාලීය.

ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 206ක් පසුපසින් සිටිමින්  පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදුන් කළුතර විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් තරගය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 190ක් රැස් කර තිබිණ. විහඟ සපුමල් (79) සහ අකේෂ් ශාමින්ද (57) එක්ව කළුතර විද්‍යාලය පරාජයෙන් බේරා ගත්හ.

තුන් ඉරියව් දස්කම් දැකවූ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ මලිඳු ඩිල්ෂාන් තරගයේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවූ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්සර යෂ්මිත තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය.

 

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට  275 යි
(නෙත්සර යෂ්මිත නොදැවී 150, මළිඳු දිල්ෂාන් 51, අශේන් ඉෂාර 40, ශීර්ෂ තාරක 53/3, රවිෂ්ක ගිම්හාන 24/2)

කළුතර විද්‍යාලය - පළමු ඉනිම  69 යි
(විහඟ සපුමල් 34, මළිඳු ඩිල්ෂාන් 28/5, හෂේන් ඉම්සර 07/2)

කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 190 යි
(විහඟ සපුමල් 79, අකේෂ් ශාමින්ද 57, මලිඳු ඩිල්ෂාන් 96/3, තාරුක සමින්ජිත් 36/2)

 

නෙත්සර යෂ්මිත - කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

 

මලිඳු ඩිල්ෂාන් - කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

 


අදහස් (0)

තිස්ස මැදි විදුහල තරගයේ වැඩි ගෞරව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.