Last Update  :  2025-08-27 21:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් - මහින්ද මුල් සතියේ සිට තරග බිමේ
19න් පහළ ක්‍රිකට් තරගාවලිය - 2025

තර්ස්ටන් - මහින්ද මුල් සතියේ සිට තරග බිමේ

editorial - 2025 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ (‘ඒ’ - තලයේ) අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස මුල් සතියේදී ආරම්භ කෙරේ. පළමු කොටසේ  (‘ඒ’ - තලයට) මෙවර උසස්වීම් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය  සමගින් කණ්ඩායම් 18ක් පළමු වටයේදී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇත.

මෙවර තරගාවලියේ පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 5ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන ඒ ඒ කාණ්ඩයෙන් කණ්ඩායම් 2 ක් බැගින් කණ්ඩායම් 6 ක් සහ හොඳම තෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් 2ක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.  

ලබන මස මුල් සතියේදී ආරම්භ වන එක්දින තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) 2025 ඔක්තෝබර් මස 2 දිනෙන් අවසන් කෙරෙන අතර, ඔක්තෝබර් 12 දින වන විට අවසන් තරගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙවර එක්දින තරගාවලියේ පළමු වටයේ සිට වර්ණ ඇඳුමින් සැරසී සුදු පන්දුවෙන් තරග වැදීමට අවස්ථාාව සැළසී ඇති අතර, පසුගිය තරගාවලියට සාපේක්ෂව වෙනස්කම් කිහිපයක් සිදු කොට ඇත.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගිය වර පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවට හිමිකම් කී අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ (‘ඒ’ - තලයේ) අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය තරගවාරයේදී සහභාගි වූ කණ්ඩායම් අතුරින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු කොටසේ (‘බී’ - තලයට) තරගාවලියට පහත හෙළා ඇත.

 

පළමු කොටසේ (‘ඒ’ - තලයේ)  පාසල් කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය -

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

 

‘බී’ කාණ්ඩය –

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය,  කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

 

‘සී’ කාණ්ඩය -

කැලණිය ගුරුකුල විද්‍යාලය, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය,  කොළඹ මහානාම විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

 


අදහස් (0)

තර්ස්ටන් - මහින්ද මුල් සතියේ සිට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.