Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 39 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 12 ක් ලබා සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගෙන සිටින ගුජරාට් ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරග 2 ක් පමණි.
ගුජරාට් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (21 වැනිදා) කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුවය. එතෙක් ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ අතර එහි පෙරමුණ ගෙන සිටියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමය.
දිල්ලි කැපිටල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු, පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් තරග 4 බැගින් ජය ගෙන ලකුණු 10 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව දිල්ලි කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, බෙංගලූරු කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, පන්ජාබ් කණ්ඩායම සිවුවැනි ස්ථානයටත්, ලක්නව් කණ්ඩායම පස්වැනි ස්ථානයටත් පත්ව සිටියි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 4 ක් ජයගෙන ලකුණු 8 ක් ලබා ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ රැදී සිටින අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 3 ක් ජයගෙන ලකුණු 6 ක් ලබා එහි හත්වැනි ස්ථානයේ පසුවේ. රාජස්ථාන් රොයල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් අටවැනි, නමවැනි සහ දහවැනි ස්ථානවල පසුවන අතර ඔවුන් තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් හිමිකරගෙන සිටියි.
මෙතෙක් පැවැති තරගවලදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සායි සුදර්ෂන් තරග 8 කදී අර්ධ ශතක 5 ක් සමග ලකුණු 417 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර එම කණ්ඩායමේම ප්‍රසිද් ක්‍රිෂ්ණා තරග 8 කදී කඩුලු 16 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.