Last Update  :  2026-01-07 19:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්.සී.සී. පිල ඉනිමකින් ජය ලබයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

එන්.සී.සී. පිල ඉනිමකින් ජය ලබයි

editorial - 2026 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය යටතේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 74 ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය ඊයේ (4 වැනිදා) විය. එන්.සී.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 240 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 166 කට සීමා කිරීමට ශක්ති උදාර ප්‍රමුඛ එන්.සී.සී. පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී ලකුණු 48 කට කඩුලු 4 ක් දවාගත් උදාර, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 61 කට කඩුලු 4 ක් දවාගත්තේ මෙම තරගයේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමාගනිමිනි. 

දෙවැනි දිනය වූ පෙරේදා (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටි බදුරලිය කණ්ඩායමට ඉතිරි කඩුලු 3 ත් අහිමි කරගනිමින් අවසන් දිනයේදී සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. එහිදී ළහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බදුරලිය ඉනිම සුනුවිසුණු කිරීම සඳහා උදාරට අනගි සහායක් දුන්හ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 387 ක් ලබාගත් අතර එහිදී චාමික කරුණාරත්න (121) අගනා ශතකයක් ලබාගත්තේය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. විනුක රූබසිංහ (77) සහ සහන් ආරච්චිගේ (76) අර්ධ ශතක ලබමින් එන්.සී.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 387 
(ළහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න 121, කවිඳු පතිරණ 29, අදීෂ තිලන්චන 105/5, මාලින්ද පුෂ්පකුමාර 74/3, බුද්ධික සංජීව 123/2) 

බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 147 
(රුමේෂ් බුද්ධික 27, අලංකාර අසංක 20, ශක්ති උදාර 58/4, ළහිරු කුමාර 31/3, කවිඳු පතිරත්න 21/2)  

බදුරලිය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 166 
(රවීන් යසස් 46, විනුර දුල්සර 21, අදීෂ තිලන්චන 31, ශක්ති උදාර 61/4, අෂීන් ඩැනියෙල් 32/3, කවිඳු පතිරත්න 35/3) 


අදහස් (0)

එන්.සී.සී. පිල ඉනිමකින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.