Last Update  :  2025-11-22 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ ‘බී’ තලයේ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

අන්තර් සමාජ ‘බී’ තලයේ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

editorial - 2025 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන (2025-26) අන්තර් සමාජ ‘බී’ තලයේ ක්‍රිකට් තරගාවලිය මෙම මස 28 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. සති 11 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය ලබන වසරේ (2026) පෙබරවාරි මස 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම සතියකදීම තරග 6 බැගින් පැවැත්වෙන අතර දිවයින පුරා ක්‍රීඩාංගණ 12 කදී එම තරග පැවැත්වීමට නියමිතය. ඊට පනාගොඩ, දොඹගොඩ, සාලියපුර සහ සාලාව යන යුද හමුදා ක්‍රීඩාංගණ 4 ද ඇතුළත් වේ. 

වැලිසර නාවික හමුදා, කටුනායක ගුවන් හමුදා, එස්.එස්.සී., බී.ආර්.සී., මුවර්ස්, බ්ලූම්ෆීල්ඩ්, මොරටුව ද සොයිසා සහ අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණ මෙම තරගාවයලියේ තරග පැවැත්වෙන සෙසු ක්‍රීඩාංගණ වේ. 

ගාල්ල, යුනයිටඩ් සදර්න්, යුද හමුදා, සෙබස්තියනයිට්, මොරටුව, එස්.එස්.සී., නාවික හමුදා, මීගමුව, මැලේ, රාගම, ලියෝ සහ කැන්ඩි කස්ටම් යන ක්‍රීඩා සමාජ මෙවර තරගාවලියේදී තරග බිමට පිවිසෙනු ඇත. 

මෙම කණ්ඩායම් අතරින් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මීලඟ තරගාවලියේදී (2026-27) ‘ඒ’ තලය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකිවනු ඇත. අවසන් වරට පැවැති තරගාවලියේදී (2024-25) ශූරතාව දිනාගනු ලැබුවේ ගාල්ල ක්‍රීඩා සමාජය විසිනි. 


අදහස් (0)

අන්තර් සමාජ ‘බී’ තලයේ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.