Last Update  :  2025-11-26 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
අන්තර් සමාජ පළමු පෙළ

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන (2025-26) අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙම මස 28 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. සති 7 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය ලබන වසරේ (2026) ජනවාරි මස 11 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. 
 
කණ්ඩායම් 14 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම සතියකදීම තරග 6 බැගින් පැවැත්වෙන අතර දිවයින පුරා ක්‍රීඩාංගණ 10 කදී එම තරග පැවැත්වීමට නියමිතය. 
 
ඊට දඹුල්ල, ගාල්ල සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 ද, කුරුණෑගල වෙලගෙදර සහ මග්ගොන සරේ යන කොළඹින් පිටස්තර ක්‍රීඩාංගණ 2 ද ඇතුළත් වේ. එන්.සී.සී., කෝල්ට්ස්, පී. සරවනමුත්තු, එස්.එස්.සී. සහ සී.සී.සී. මෙම තරගාවලියේ තරග පැවැත්වෙන සෙසු ක්‍රීඩාංගණ වේ. 
 
මෙවර තරගාවලියේදී බ්ලූම්ෆීල්ඩ්, කෝල්ට්ස්, සී.සී.සී., පොලිස්, පානදුර, නුගේගොඩ සහ හලාවත මේරියන්ස් යන ක්‍රීඩා සමාජ ‘ඒ’ කාණ්ඩය යටතේද, එන්.සී.සී., මූවර්ස්, ඒස් කැපිටට්, ද්‍රවිඩ සංගම්, බදුරලිය, කුරුණෑගල යොවුන් සහ බී.ආර්.සී. යන ක්‍රීඩා සමාජ ‘බී’ කාණ්ඩය යටතේද තරග බිමට පිවිසෙනු ඇත. 
 
මෙම කණ්ඩායම් අතරින් මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම් දෙක මීලඟ තරගාවලියේදී (2026-27) ‘බී’ තලය යටතේ තරග වැදීම සඳහා පසුබසිනු ඇත. අවසන් වරට පැවැති තරගාවලියේදී (2024-25) ශූරතාව දිනාගනු ලැබුවේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය විසිනි. 
 
 
පළමු සතියේ තරග කාලසටහන 
 
(නොවැ. 28 සිට 30 දක්වා) 
 
හලාවත මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් සහ පානදුර අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී 
පොලිස් සහ සී.සී.සී. අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
බී.ආර්.සී. සහ එන්.සී.සී. අතර මග්ගොන සරේ ක්‍රීඩාංගයේදී 
බදුරලිය සහ මූවර්ස් අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
ද්‍රවිඩ සංගම් සහ ඒස්. කැපිටල් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.