Last Update  :  2025-07-07 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 16 දෙනාගේ වටයට එති

16 දෙනාගේ වටයට එති

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් 16 ක් සමත් වී තිබේ.

තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 77 ක් සහභාගී වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ. ඒ අතුරින් දෙවැනි වටයට කණ්ඩායම් 40 සුදුසුකම් ලබාගත් අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 16 තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ආනන්ද විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල තමන් නියෝජනය කළ කාණඩවල ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් වූ අතර අනු ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම්
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ආනන්ද විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, මහනුවර ති‍්‍රත්ව විදුහල, කොට්ටේ ජනාධිපති විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල, ගාල්ල මහින්ද විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල, වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල, කඳාන ද මැසිනොද් විදුහල


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග

  • මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මොරටුවේදී
  • පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර පානදුරේදී
  • කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී
  • කොළඹ ශාන්ත පීතර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර කොළඹදී
  • කොළඹ තර්ස්ටන් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කොළඹදී
  • කොළඹ ආනන්ද විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර කොළඹදී
  • ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ගාල්ලේදී
  • මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කොට්ටේ ජනාධිපති විදුහල අතර මහනුවරදී

අදහස් (0)

16 දෙනාගේ වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.