Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් 16 ක් සමත් වී තිබේ.
තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 77 ක් සහභාගී වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ. ඒ අතුරින් දෙවැනි වටයට කණ්ඩායම් 40 සුදුසුකම් ලබාගත් අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 16 තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ආනන්ද විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල තමන් නියෝජනය කළ කාණඩවල ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් වූ අතර අනු ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම්
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ආනන්ද විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, මහනුවර ති‍්‍රත්ව විදුහල, කොට්ටේ ජනාධිපති විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල, ගාල්ල මහින්ද විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල, වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල, කඳාන ද මැසිනොද් විදුහල
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.