Last Update  :  2025-10-18 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ටෙස්ට් ක්‍රීඩක වර්ණවීර සමුගනී

හිටපු ටෙස්ට් ක්‍රීඩක වර්ණවීර සමුගනී

editorial - 2025 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ සාර්ථකම ටෙස්ට් ක්‍රීඩාංගණය බවට පත්කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ හිටපු ක්‍රීඩාංගණ භාරකරු මෙන්ම ටෙස්ට් ක්‍රීඩකයකු ද වන ජයනන්ද වර්ණවීර මහතා සිය දිවිසැරිය නිමාකර තිබේ.

මියයන විට 64 වැනි වියේ පසුවූ වර්ණවීර මහතා පසුගිය වසර කිහිපයේදී තරමක් අසනීපව සිටි අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියේය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියමයකින් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වූ වර්ණවීර මහතා ගාල්ල අතහැර මහනුවර ප්‍රදේශය බලා ගිය අතර සිය ජීවිතයේ අවසන් කාලයේදී 
වර්ෂ 2004 දෙසැම්බරයේදී ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ගාල්ල ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම විනාශවීමෙන් පසුව රජයේ තීරණයක් වූයේ ගාල්ල ක්‍රීඩාංගණය එතැනින් ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙන යා යුතු බවයි. එහෙත් ඊට එකහෙළාම විරුද්ධ වූ වර්ණවීර මහතා ගාල්ල ක්‍රීඩාංගණය නැවතත් සුපුරුදු තත්ත්වයට ගෙන ඒමට මහත් වෙහෙස මහන්සියෙන් කටයුතු කළේය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් 1986 සිට 1994 දක්වා ක්‍රීඩා කළ වර්ණවීර මහතා ටෙස්ට් තරග 10 කදී කඩුලු 32 ක් දවාගෙන ඇති අතර හෙතෙම දකුණතින් මඳ වේගී පිට දඟ පන්දු යවන්නෙකි. වර්ණවීර මහතා එක්දින තරග 6 කදී කඩුලු 6 ක් ද දවාගෙන තිබේ. 

 


අදහස් (0)

හිටපු ටෙස්ට් ක්‍රීඩක වර්ණවීර සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.