(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මොරටු ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී කොළඹ ශාන්ත ජොශප් විද්‍යාලයට එරෙහිව එක ලකුණක තියුණු ජයක් ලැබීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු පමෝද් දල්පදාදු ලකුණු 119 ක් රැස් කළ ද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවීය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 6 ට 294 යි
(නදීන් මහීෂ 87, චමත් වෙල්ලාලගේ 59, සතුෂ්ක සිල්වා 53, දීනිප වික්‍රමසූරිය 59, රන්දුණු සිල්වා 22, ළෙසඳු විජේතුංග 24/2, මාර්ෂ් රූෆ් 55/2)
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 293 යි
(පමෝද් දල්පදාදු 119, යෙනුල දන්තනාරායන 29, දිනුද පෙරේරා 27, යෙනුල් රන්වත්ත නොදැවී 26, කවිත් ප්‍රනාන්දු 24, අනුපම මල්ලිකාරච්චි 22, අධීෂ ලක්ෂාන් 44/3, සතුෂ්ක සිල්වා 75/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.