(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමත්විය. දෙවැනි වටයේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙවර කණ්ඩායම් 77ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, එහිදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.
කොළඹ නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 128 යි
(මවීෂ නෙත්මිණ 32, සනුල් පෙරේරා 20, දනුජ බණ්ඩාර 38/4, සෙනෙත් බණ්ඩාර 23/2, අනුහස් සෙනෙවිරත්න 23/2)
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 6 ට 138 යි
(දනුජ බණ්ඩාර 39, දක්ෂිණ වීරසේකර 21, ගයන ගිම්සර නොදැවී 20, පිනිත් ගුණසේකර නොදැවී 20, සනුල පෙරේරා 3/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.