Last Update  :  2026-01-19 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගීත් කුමාරට ද්විත්ව ශතකය මඟ හැරෙයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ගීත් කුමාරට ද්විත්ව ශතකය මඟ හැරෙයි

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී ලකුණු 185 ක් රැස්කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක ගීත් කුමාර අද (18 වැනිදා) සමත් විය. 

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ගීත්, පන්දු 316 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 20 කින් සමන්විත වූ අතර එය ද්විත්ව ශතකයක් බවට පරිවර්ථනය කිරීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේ තිලංග උදේෂනගේ පන්දුවක් හමුවේ ඔහු කඩුලු රකින ක්‍රීඩක සොහාන් ද ලිවේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑම හේතුවෙනි. 

එහිදී සුමින්ද ලක්ෂාන් (66) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගීත්, ඉන් නොනැවතී මාලින්ද පුෂ්පකුමාර (නොදැවී 41) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ගීත්ගේ අගනා ශතකය හේතුවෙන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 486 ක් රැස්කිරීමට බදුරලිය කණ්ඩායම සමත්වූ අතර ඊට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දෙමින් සිටින මුවර්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටියහ. 


බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 486 
(සඳුන් වීරක්කොඩි 44, ළහිරු දෙවැටගේ 32, රොෂාන් විජේනායක 53, ගීත් කුමාර 185, සුමින්ද ලක්ෂාන් 66, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 41, චානුක දිල්ෂාන් 81/5, තිලංග උදේෂන 90/3) 

මූවර්ස් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 159  
(දිනුක දිල්ෂාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ලිවේරා 32, කේසර නුවන්ත 32/2) 


අදහස් (0)

ගීත් කුමාරට ද්විත්ව ශතකය මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.