
දඹුල්ල නායක ධනංජය ද සිල්වා ශතකයක් ලබාගත් නමුත් ගාල්ලේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගයේදී පළමු ඉනිමේ ජය අත්කර ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ගාල්ල කණ්ඩායම ලකුණු 267 කට දැවී ගිය අතර තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) වර්ෂාවට පෙර දඹුල්ල ක්‍රීඩකයෝ ලකුණු 260 කට දැවී ගියහ.
දඹුල්ල පිලේ කඩුලු 4 ක් ලකුණු 57 කට දැවී යාමෙන් පසුව එක්වූ ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එක්කළහ. සොනාල්, විෂාද් රන්දික සහ අකිල ධනංජය තිදෙනාම පන්දු 15 ක් ඇතුළත දැවී ගියද ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය 8 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 67 ක් එක්කළහ. එහෙත් ධනංජයගේ දැවී යාමෙන් පසුව දඹුල්ල පිල අසරණ විය.
ගාල්ල - පළමු ඉනිම 267 යි
(ඕෂධ ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 73, සධීර සමරවික්‍රම 19, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)
දඹුල්ල - පළමු ඉනිම 260
(නිශාන් මධුෂ්ක 15, ලසිත් කෲස්පුල්ලේ 11, සහන් කෝසල 19, ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 54, ඩිල්ෂාන් මධුශංක 64/3, මිලාන් රත්නායක 37/3, දිලුම් සුධීර 49/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.