‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහත් ව්‍යසනයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා පිහිටුවන ලද ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට’ රුපියල් මිලියන 300 ක් (රුපියල් කෝටි 30 ක්) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියෙන් ගන්නා ලද තීරණයකි.
‘ක්‍රිකට්’ යනු ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 20 කට වැඩි ජනතාවකගේ නිරන්තර අගය කිරීමට මෙන්ම මහත් ජනාදරයට ලක්වූ ක්‍රීඩාවකි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගෙන් වැඩ දෙනෙක් මහත් අසීරුතාවට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිත නැවත නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇත්තේ සුවිශාල වගකීමකි.
පීඩාවට පත් පවුල්වලට හදිසි සහන ලබා දීමේදී සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ දෛනික ජීවිතය නැවත ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය දායකත්වය රජයට සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.