Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ (11 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 81 ක ජයක් ලැබූ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට රෂීඩ් ඛාන් ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. එහිදී බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තව්හිද් රිඩෝයි පන්දු 34 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ රෂීඩ් ඛාන් නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 8.3 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 5 ක් බිඳහෙළුවේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි. බංග්ලාදේශ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රෂීඩ්ට අනගි සහායක් දුන් අස්මතුල්ලා ඔමර්සායි ඕවර 7 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 140 කට මුහුණ දෙමින් ලකුණු 95 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 190
(ඊබ්‍රහිම් සද්‍රාන් 95, මොහොමඩ් නබී 22, අල්ලා ඝසන්ෆර් 22, මෙහෙදි හසන් 42/3, ටැන්සිම් හසන් 35/2, රිෂාඩ් හොසේන් 37/2)
බංග්ලාදේශය - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 109
(සයිෆ් හසන් 22, තව්හිද් රිඩෝයි 24, ජාකර් අලී 18, නුරුල් හසන් 15, රෂීඩ් ඛාන් 17/5, අස්මතුල්ලා ඔමර්සායි 27/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.