Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සෙබස්තියානුවෝ මොරටු රන් හටන දිනති

සෙබස්තියානුවෝ මොරටු රන් හටන දිනති

editorial - 2024 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති රන් හටනේදී, වසර 13 කට පසුව, වේල්ස් කුමරුවන් පරදවා කඩුලු 4 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ අද (9 වැනිදා) සමත් වූහ. 74 වැනි වරටත් පැවැති ‘මොරටු රන් හටනේ’ දී සෙබස්තියානුවන් ජයගත් සිව්වැනි වතාව මෙයයි. 

මීට පෙර 1962, 1966 සහ 2011 යන වසර වලදී ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ මහ තරගය ජයගත්හ. 

වේල්ස් කුමරුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 219 ට පිළිතුරු වශයෙන් ශාන්ත සෙබස්තියන් පිලේ විමත් දින්සර, අදේශ් අල්මේදා සහ තාරක ඩිලංක අර්ධ ශතක ලබාගත් අතර ඔව්හු සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබාගත්හ. 

වේල්ස් කුමරුවන් දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටි නමුත් වමතින් දඟ පන්දු යවන මනුජ චන්තුක (73/6) හමුවේ වේල්ස් කුමරුවන්ගේ අවසන් කඩුලු පහම ලකුණු 10 ක් ඇතුළතදී ඇද වැටිණ. වේල්ස් කුමරුවන් දෙවැනි ඉනිමේදී ලකුණු 164 ක් ලබාගත්තද මුල් ඉනිමේදී මුහුණ දුන් ලකුණු 69 ක අවාසිය හේතුවෙන් ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉලක්කය වූයේ ලකුණු 96 කි. 

වේලාව පස්වරු 6.00 පසුවී තිබුණු අතර මොහොතින් මොහොත අඳුර ගලා එමින් පැවතිණ. කඩුලු 6 කට ලකුණු 91 ක් ලබා සිටි සෙබස්තියානුවන්ගේ අත පොවන මායිමේ ඉලක්කය තිබියදීත් විනිසුරුවරුන්ගේ අවවාද නොතකා, වේල්ස් කුමර පන්දු යවන්නෝ දිගින් දිගටම කාලය නාස්ති කළහ. ඒ හේතුවෙන් ප්‍රතිවාදී පිලට දඬුවම් ලකුණු 5 ක් පිරිනැමීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමගින් ශාන්ත සෙබස්තියන් විදුහලට කඩුලු 4 ක ජයක් හිමිවිය. 


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 219 යි
(රුසඳු ද සිල්වා 10, සුවහස් ප්‍රනාන්දු 52, සචිර දේමින් 31, ඔෂාන් ද සිල්වා 37, නවීන් ප්‍රනාන්දු 30, උනෙත් පීරිස් 37, අදේශ් අල්මේදා 27/2, මනුජ චන්තුක 82/2, මලින්ත සිල්වා 70/3)

ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම කඩුලු 8 ට 288 යි
(ජානක සිල්වා 30, විමත් දින්සර 52, අදේශ් අල්මේදා 59, තාරක ඩිලංක 59, නවෝද් ප්‍රනාන්දු 13, මනූජ චන්තුක 12, නදීෂ් ප්‍රනාන්දු නොදැවී 22, නිරිඳු සිල්වා නොදැවී 13, අචල පෙරේරා 43/2, නවීන් ප්‍රනාන්දු 49/2)

වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම 164 යි
(රිවිත් ජයසූරිය 32, සුවහස් ප්‍රනාන්දු 16, පසන් කුරේ 58, ඔෂාන් ද සිල්වා 42, මනුජ චන්තුක 73/6, නිරිඳු සිල්වා 13/2) 

ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 6 ට 96 යි
(විමත් දින්සර 18, අදේශ් අල්මේදා 26, තාරක ඩිලංක නොදැවී 13, නදීෂ් ප්‍රනාන්දු 16, උනෙත් පීරිස් 31/3, අචල පෙරේරා 22/2)


අදහස් (1)

සෙබස්තියානුවෝ මොරටු රන් හටන දිනති
  • විනෝද් මැන්දිස් ( 95 Circle Sebs) Sunday, 10 March 2024 09:17 AM

    දරැවන් හෝ වැඩිහිටියන් කුමන තරගක් සඳහා ඉදිරිපත් වුනිද, එම තරගය, තරගකර දිනන්න ඉගැන්විය යුතුයි, එමෙන්ම ජය හෝ පරාජය විඳ දරා ගැනීමටද දරුවන් පුහුණු කිරීම තුළින් ඒ සඳහා ඔවුන්ගේ මනස ශක්තිමත් කළයුතුයි. වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවන් සහ පාලන තන්ත්‍රය ඊයේ දිනයේ ක්‍රිඩා කළ දරුවන්ට ලබාදුන් උපදෙස් වෙනස් වුනිනම්, දරුවන් මිට වඩා හොඳින් තරග කරනු ඇත. තරග කර පරාජය වීම, වංචනික ලෙස දිනුමක් ලබා ගැනීමට වඩා |ෙගෟරවනීය වේ. වේල්ස් කුමරුවන් තරග කිරීමට ක්‍රියා කලේ නම්, බොහෝ විට මෙයට වඩා වෙනස් අවසානයක් දැකීමට තිබුණි. අතීතයේ වේල්ස් කුමර ව්දුහල ක්‍රිකට් ක්‍රිඩා කලේත් මේ ආකාරයටමය, පාසල් ක්‍රිකට් දිවියේදි දුලිප් මෙන්ඩිස් හට ක්‍රිඩා කිරීමට බැරිවුණේත් මේ නිසායි. මොරටු ඉතිහාසය දන්නෝ දනිති. එම නිසා දැන්වත් පාරිපාලන නිලධාරීන්ගේ සහ ආදි ශිෂ්‍යයින්ගේ අදහස් වෙනස් කර (Attitude) ඉදිරි පරම්පරාවවත්, යහපත් ගුණවත් දරුපරපුරක් බිහි කිරීමට කටයුතු යොදනු මැනවී. ඒ තුළින් සැබෑ කුමරුවන් බිහිවනු දැකීම මොරටු පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.