Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches දක්ෂතම ක්‍රීඩකයා අභිෂේක්

දක්ෂතම ක්‍රීඩකයා අභිෂේක්

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැති ශාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් වුවද හිරුන් කපුරුබණ්ඩාර (94) සහ අභිෂේක් ජයවීර (80) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් පාසල් දෙක අතර තරගාවලියේ නව වාර්තාවක් පිහිටවූහ.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ  ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අභිෂේක් ජයවීරට   හිමි කුසලානය ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සැපයුම්දාම හා ක්‍රම සම්පාදන කළමනාකරණ, ආයතනික  සැලසුම් හා උපාය මාර්ග පිළිබඳ උප සභාපති මුනේෂ් ඩේවිඩ් මහතා විසින් පිරිනමන ලදී.. 

 

(වමේ සිට දකුණට) හේලීස් සෝලාර් සමාගමේ අලෙවි ප්‍රධානී අකිල ජයසේන, හැටන් නැෂනල් බැංකුවේ  කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී,  ජොනතන් අලස්, ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්‍ය ගරු ප්‍රියාන් තිසේරා පියතුමන්, ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පති රන්ජිත් අන්ද්‍රාදි, 90 වැනි සාන්තුවරයන්ගේ සටනේ ප්‍රධාන ආරාධිත ෂාමිලාල් ඩී. එස්. විජේරත්න මහතා,  ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රුද්‍රිගු පියතුමන්, ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා සම්බන්ධීකාරක මිලාන් බර්නාඩ් පියතුමා හා ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා අභිෂේක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.