Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බැංකොක් නුවරදී අද (21) ආරම්භ වන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවී සිටියි.
සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.තරගාවලිය ලබන බදාදා (25) දක්වා දින පහක් පුරා පැවැත්වේ.
ඒ සදහා සත්කාරක තායිලන්තයෙන් හැරෙන්නට රටවල් 10 කින් පමණ ක්‍රීඩිකාවෝ ඇරැයුම් ලබා සිටිති.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මෙම තරග සංචාරය සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ට අදහස් දක්වමින් පැවැසුවේ මෙම වසරේදී මෙතෙක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීමට අවස්ථාවක් නොලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට නිර්දේශ කිරීමට මලල ක්‍රීඩා ආයතනය උනන්දු වූ බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පළපුරුදු මැදි දුර ධාවන ශූරියක් වන 35 හැවිරිදි නිමාලි ලියනාආරච්ච් පත් කර තිබේ.ඇය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගත් ආසියානු ශූරතා රන් පදක්කම්ලාභීණියකි.
ඇය තායිලන්ත තරගාවලියේදී මීටර 800 (කාන්තා) ඉසව්වට තරග වදියි.මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුර බණ්ඩාර මහතාත් කළමනාකරු ලෙස ලුතිනන් කර්නල් රංජිත් හෙන්නායක මහතාත් කටයුතු කරති.
ශ්‍රී ලංකා කණ්ඩායම - නිමාලි ලියනාආරච්ච් (මීටර 800 - කාන්තා), සෆ්රීන් අහමඩ් (තුන් පිම්ම - පිරිමි), අමෂා ද සිල්වා (මීටර 100 - කාන්තා), වත්සලා හපුආරච්චි (මීටර 100 - කඩුලු - කාන්තා), රුසිරු චතුරංග (මීටර 800 - පිරිමි), අයෝමාල් අකලංක (මීටර 400 - කඩුලු - පිරිමි), වී. වක්ෂාන් (මීටර 1500 හා මීටර 5000 - පිරිමි),මධුෂාණි හේරත් (දුර පැනීම හා තුන් පිම්ම - කාන්තා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.