Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2023 World Cup ස්ටෝක්ස්ගේ ශතකය නෙදර්ලන්තය ගෙදර යවයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ස්ටෝක්ස්ගේ ශතකය නෙදර්ලන්තය ගෙදර යවයි

editorial - 2023 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තය සහ නෙදර්ලන්තය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද එංගලන්තයට හැකි විය.

එහිදී ලැබූ පරාජය හේතුවෙන් තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි නෙදර්ලන්තය තබා සිටි අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණු අතර මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවූ සිවුවැනි කණ්ඩායම බවටද නෙදර්ලන්තය පත් විය. ඒ අනුව දැන් අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව පවතින්නේ පාකිස්තානයට, නවසීලන්තයට සහ ඇෆ්ඝනිස්ථානයට පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තයට ඕවර 37.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179 ක් පමණි. මුයින් අලී සහ ආදිලි රෂීඩ් කඩුලු 3 බැගින් බිඳහෙළමින් නෙදර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. ‍නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තේජා නිදමනුරු පන්දු 34 කදී නොදැවී ලකුණු 41 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය, බෙන් ස්ටෝක්ස්ගේ (108) අගනා ශතකය හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 339 ක් ලබාගත්තේය. එහිදී පන්දු 84 කට මුහුණ දෙමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය ලබාගත් ස්ටෝක්ස්, හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් එය අලංකාර කළේය.

අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස් (51) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 129 ක වේගවක් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටෝක්ස් සමත් විය. පන්දු 45 කදී වාර්තා වූ වෝක්ස්ගේ 6 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඩේවිඩ් මලාන් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 87 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 339
(ඩේවිඩ් මලාන් 87, ජෝ රූට් 28, බෙන් ස්ටෝක්ස් 108, ‍ක්‍රිස් වෝක්ස් 51, බස් ඩි’ලීඩ් 74/3, ආර්යන් දත් 67/2, ලෝගන් වැන් බීක් 88/2)

නෙදර්ලන්තය - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 179
(වෙස්ලි බැරේසි 37, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් 33, ස්කොට් එඩ්වඩ්ස් 38, තේජා නිදමනුරු නොදැවී 41, මුයින් අලී 42/3, ආදිල් රෂීඩ් 54/3, ඩේවිඩ් විලී 19/2)


අදහස් (0)

ස්ටෝක්ස්ගේ ශතකය නෙදර්ලන්තය ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.