Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලංකා පාපන්දු කුසලාන අවසන් පූර්ව වටය 11 - 12

ලංකා පාපන්දු කුසලාන අවසන් පූර්ව වටය 11 - 12

editorial - 2024 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘ශ්‍රී  ලංකා  ස්පෝට්ස්’ සමූහය  සංව්ධානය කරන ලංකා පාපන්දු කුසලාන තරගාවලියේ අවසන්  පූර්ව තරග මෙම  11 - 12 දෙදින කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ අනුව මෙම 11 වැනිදා  පස්වරු 3.30 ට මහනුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතරද, මෙම 12 වැනිදා පස්වරු 3.30 ට මධ්‍යම  කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරද අවසන් පූර්ව තරග පැවැත්වීමට  නියමිතය.

මෙම තරගාවලිය කෙළින්ම අර්ධ අවසන් පූර්ව වටයේ තරග පෙළකින් ආරම්භ විය. තරගාවලියට ආරාධනා ලැබු කණ්ඩායම් ගණන අටකි.

ශූරයන්ට රුපියල් මිලියනයක් හා අනුශූරයන්ට රුපියල් ලක්ෂ පහක් පිරිණැමෙන මෙම තරගාවලිය සදහා ‘‘ලංකා  ස්පෝට්ස් ගෲප්” ආයතනයේ  සභාපති කොළඹ සිටි ලීග් පාපන්දු සංගමයේ හිටපු  සභාපති සයිෆ් යූසූප් මහතා අනුග්‍රහය දක්වයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජය ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය ඇත්තේ මෙම 18 වැනිදා පස්වරු 4 ටය.

තරග ලේකම්වරයා මෙහිදී කටයුතු කරන්නේ පළපුරුදු පාපන්දු පරිපාලන නිලධාරියෙකු වන එම්.ප්‍රේමදාස මහතාය. ලංකා ස්පෝට්ස් ගෲප් සමාගමේ විධායක ලේකම් අභීත් අක්‍රම් මහතාද කොළඹදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට සහභාගි විය.

 

අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිපල
• යාපනය විසින් කලුතර පරාජය කරන ලදී (3 - 2)
• මහනුවර විසින් මීගමුව පරාජය කරන ලදී (9 - 0)
• කොළඹ විසින් නැගෙනහිර පරාජය කරන ලදී (1 - 0)
• ගාල්ල විසින් මධ්‍යම පරාජය කරන ලදී.(2 - 1)


අදහස් (0)

ලංකා පාපන්දු කුසලාන අවසන් පූර්ව වටය 11 - 12

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.