Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉකුත් සති අන්තයේදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කරන ලද ක්‍රීඩකයන් 55 දෙනකුගෙන් සමන්විත පුහුණු කණ්ඩායමෙන් ඇලෙක්ස් හේල්ස් සහ ලයාම් පල්න්කට් ඉවත්කර තිබේ. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවැති දෙවැනි පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසු හේල්ස්, පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයෙන්ද ඉවත් කෙරුණ අතර ඉන් පසුව ඔහුට මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ.
ඉකුත් සතිය මුලදී නායක ඔයින් මෝගන් කියා සිටියේ හේල්ස් ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු බව තමා පිළිගන්නා නමුත්, මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු හේල්ස් සහ සංචිතයේ සෙසු ක්‍රීඩකයන් අතර තිබූ විශ්වාසය නැවත ගොඩනගා ගැනීම සඳහා තවත් කාලය අවශ්‍ය බවය.
ක්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් වැනි වේග පන්දු යවන්නන් මේ වන විටත් පුද්ගලිකව නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පුහුණුවීම් සඳහා ප්‍රකාශයට පත් කරන ලද සෙසු කණ්ඩායම ස්ථාන එකොළහකදී සිය පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ.
දැඩි සමාජ දුරස්ථභාවය සහ සනීපාරක්ෂක පියවර ඇතුලු ආරක්ෂිත පියවර ගණනාවක් යටතේ පළමු අදියරේදී පුහුණුවීම් පැවැත්වේ. කෙසේ වුවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන එක් එක් ආකෘතීන් සඳහා සලකා බලනු ලබන්නේ කුමන ක්‍රීඩකයින් දැයි යන්න එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් තහවුරු කර නොමැත.
මෙම ග්‍රීෂ්ම ඍතුවේදී එංගලන්තය ටෙස්ට් හා එක්දින තරගාවලි සඳහා වෙන වෙනම කණ්ඩායම් යෙදවීමට වැඩි ඉඩක් පවති. එහිදී ජොස් බට්ලර්, මොයින් අලි සහ ජොනී බෙයාර්ස්ටෝ වැනි ක්‍රීඩකයන් කුමන කණ්ඩායම්වලට එක්වනු ඇතිදැයි දැනගැනීම සඳහා බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.
පුහුණු සංචිතයට ඇතුළත් කර නොමැති බැවින් තුන් ඉරියව් ක්‍රීඩක ලයාම් ප්ලන්කට්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියද අවසන් බව පෙනී යයි. එසෙක්ස් ප්‍රාන්ත වේග පන්දු යවන්නකු වන ජැමී පෝටර්ද පසුගිය තරග වාර තුන තුළ කඩුලු 199 ක් දවාගෙන තිබියදීත් නොසලකා හැර තිබේ. කෙසේ වෙතත් කීටන් ජෙනිංස්, බෙන් ෆෝක්ස් සහ ඬේවිඞ් මැලන් සඳහා පුහුණු සංචිතයේ ස්ථාන වෙන්කර තිබුණි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.